Far Cry Primal – ගෝත්‍රික අත්දැකීමක් සඳහා

Far Cry Primal – ගෝත්‍රික අත්දැකීමක් සඳහා

3695
0
SHARE

ඔන්න ඉතින් අදත් කියන්න හදන්නෙ තවත් සුපිරිම ගේම් එකක් ගැන. වෙන මොකක්වත් නෙමෙයි FarCry Franchise එකේ අලුත්ම ගේම් එක,”Far Cry Primal” ගැන. ගේම් එක Develop කරල තියෙන්නෙ UbiSoft Montreal Studio එකෙන්. ගේම් එක Xbox one වලට රිලීස් වෙන්නේ 2016 පෙබරවාරි 23,PC වලටනම් මාර්තු 1.වැඩි විස්තර කියන්න කලින් Trailer බලල ඉන්නකො.

මේ පාර ගේම් එකට පාදක වෙන්නෙ 10th millennium BC මෙසොලිතික් යුගයේ (මීට අවු 12000කට විතර කලින්) තිබුණ පරිසරයෙ ප්‍රබන්ධනාත්මක Oros කියන භූමිය.(FarCry 4 ප්ලේ කරානම් ඔයාලට මතක ඇති හිමාලය ප්‍රදේශය පාදක කරගත් Kryat කියන ප්‍රබන්ධනාත්මක භූමිය) ඔයාලට ප්ලේ කරන්න වෙන්නෙ Takkar කියන දඩයක්කාරයෙක් විදිහට. ගේම් එකේ මුලිකම දේ වෙන්නෙ Survival. Mammoth,Sabertoothed-cats වගේම අනික් ගෝත්‍ර වලින් එල්ල වෙන ප්‍රහාර වලටත් ඔයාලට මුහුණ දෙන්න වෙනව. Open World ගේම් එකක් නිසා Game Environment එක හොදට අද්‍යනය කරන්න පුළුවන් වගේම ඔයාට නොයෙක් තීරණ ගන්නත් සිද්ද වෙනව.

3

මෙන්න ගේම් ප්ලේ වීඩියෝ එකක්.

ගේම් එක මුලදි ඔයාලට හම්බවෙන්නෙ ගොඩක් ප්‍රාථමික මට්ටමේ ආයුධ. ඒ කියන්නෙ ඉතින් තමන්ම අවට පරිසරයෙන් හොයාගත්තු දේවල් වලින් හදාගත්තු ආයුධ.ආහාර හොයාගන්න වගේම ගෝත්‍රයේ නායකය වෙන්න දඩයමේ යන්න සිදුවීමත්, අනෙක් ගෝත්‍ර එක්ක ගැටුම් ඇතිවීමත් ගේම් එකේදී සිද්ද වෙන දෙයක්.ඔයාගේ Progress එක වැඩි වෙනකොට මාරාන්තික බැවින් වැඩි ආයුධ ඔයාට හොයාගන්න පුළුවන්. තවත් දෙයක් තමයි Mammoths,sabertoothed cats,owls වගේ සත්තුන්ව හීලැ කරන්න වගේම, ගින්දර නිපදවන්නත් ඔයාට සිද්ද වෙනව. ගල් යුගයේ මිනිස්සු Survive උන විදිහ සහ තිබුන දේවල් ගැන හොඳ experience එකක් මේ ගේම් එකෙන් ඔයාලට ගන්න පුළුවන්.

ගේම් Engine එක ගැන කතා කලොත් මේ අය යොදාගෙන තියෙන්න FarCry Series එකට කලිනුත් යොදාගත්ත Dunia Game Engine එක.මේ ගේම් එන්ජින් එක CryEngine1 ගොඩක් Modify කරල හදපු ගේම් එන්ජින් එකක්. ගේම් එකේ Vegetation Technology එකට වගේම Atmospheric Effects වල තාත්වික බවට Dunia Game Engine එක ලොකු උදව්වක් වෙන්න ඇති.

මෙන්න මෙහෙම තමයි UbiSoft එකේ අය ගේම් එක හැදුවෙ.

ප.ලි : 2008 දී රිලීස් වෙච්ච 10000BC කියන ෆිල්ම් එක FarCry Primal ගේම් එකට ගොඩක් සමානයි කියලයි මටනම් හිතෙන්නෙ.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY