Windows දුරකතන වලින් 8.8%ක් Windows 10 Mobile හිමි කරගනී

Windows දුරකතන වලින් 8.8%ක් Windows 10 Mobile හිමි කරගනී

2545
0
SHARE

තම ජාලය තුල පරිභෝජනය monitor කර මාසිකව Microsoftහි mobile ecosystem එක පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් සකස් කරන AdDuplex වෙළඳ ප්‍රචාරණ ජාලය Windows Phone පිළිබඳ නවතම සංඛ්‍යාලේඛණ නිකුත් කර ඇත. එම වාර්තාවේ දළ වශයෙන් ලොව පුරා දිනක්(දෙසැම්බර් 15, 2015) තුල පරිභෝජනය ඇතුලත් වේ.

adduplex-2015-12-01

පසුගිය මාසයන්හි නවතම දත්ත වලට අනුව පෙන්නුම් කරන්නේ Windows 10 Mobile පරිභෝජනය නොනවත්වාම වර්ධනය වන බවයි. ඒ අනුව සක්‍රිය Windows දුරකතන අතුරින්, Windows 10 Mobile, ඔක්තෝබර් මාසයේදී 5.7%ක්ද, පසුගිය මසදී එය 7%ක්ද සහ වර්තමානයේදී එය 8.8%ක්ද වේ.

මෙම වර්ධනයේ කොටසක් වශයෙන් පුළුල් අත්හදා බැලීමක් ඇති Windows 10 Mobile Insider Previews හඳුනාගත හැකිය. එහෙත් AdDuplex සඳහන් කරන්නේ, Microsoft සමාගමේ නවතම Lumia 950 සහ 950XL දුරකතන සමගම ලාභදායී Lumia 550 දුරකතනයද ප්‍රථම වතාවට මෙම සටහනට දායක වන බවයි.

adduplex-2015-12-02

තවත් මසක් පුරා, Windows දුරකතන නිෂ්පාදකයන්ගේ නොසැලකිය හැකි 0.05%ක පහත බැසීමක් විනා කිසිදු වෙනසක් සිදුවී නොමැති අතර දල වශයෙන් සක්‍රිය දුරකතන අතුරෙන් 97%ක්ම නිපදවමින් Microsoft/Nokia, නිෂ්පාදකයන් අතර ප්‍රමුඛ ස්ථානය හිමි කරගනී.

adduplex-2015-12-03

ලොව පුරා වැඩියෙන්ම භාවිතා කරන Windows දුරකතන අතර පලමු ස්ථාන සතරෙහිම වෙනසක් සිදුවී නොමැත. පැරණිතම Lumia 520 දුරකතනය(මසින් මසට 0.6%ක පසු බැසීමක් සහිතව ) ප්‍රථම ස්ථානයේද, Lumia 535(+0.6%) දෙවන ස්ථානයේද, Lumia 630(-0.3%) සහ Lumia 635(+0.1%) දුරකතන තෙවන හා සිව්වන ස්ථාන වලද පවතී. කෙසේ වෙතත් පසුගිය මස 0.7%ක වර්ධනය අනුව, Lumia 640 දුරකතනය Lumia 625 සහ Lumia 530 දුරකතන අභිබවායමින් පස්වන ස්ථානය හිමි කරගැනීමට සමත්ව ඇත.

adduplex-2015-12-04

එක්සත් ජනපදය තුල Windows Phone භාවිතය අතුරෙන් Lumia 635 දුරකතන ප්‍රමුඛ ස්ථානය හිමි කරගනී. ඒ පසුගිය මස තුලදී 1.2%ක පහත බැසීමක් සහිතව වුවද, සක්‍රිය Windows දුරකතන අතරින් 31.3%ක ප්‍රමාණයක් හිමි කරගනිමින්ය. Lumia 640 දුරකතනය දෙවන ස්ථානයේ පසුවන්නේ සිය ජනප්‍රියතාව පසුගිය සති කිහිපය තුල 2% වර්ධනය කරගනිමින්ය. එයට Black Friday promotional deals බෙහෙවින් උපකාර විය.

පැරණි දුරකතනයක් වන Lumia 1520 දුරකතනය ‘others’ ලැයිස්තුවට එක් කරමින් ප්‍රාථමික ගනයේ දුරකතනයක් වන Lumia 435, ප්‍රථම දසදෙනා අතරට එක්ව තිබේ.

Microsoft සමාගමේ නවතම දුරකතන කිසිවක් එක්සත් ජනපද ප්‍රථම දසදෙනා අතරට ඇතුලත් නොවන අතර, AdDuplex සඳහන් කරන්නේ Lumia 950 දුරකතනය, Lumia 950 XL දුරකතනයට වඩා දෙගුණයකටත් වැඩියෙන් ජනප්‍රිය බවයි.

adduplex-2015-12-05

නමුත් එක්සත් රාජධානියෙහි Lumia 950 XL දුරකතනය, Lumia 950 දුරකතනයට වඩා ජනප්‍රියත්වයක් උසුලයි. මාස 18ක් පැරණි වුවද Lumia 635 දුරකතනය පසුගිය මාස තුන තුලදී 0.9%ක කොටසක් වර්ධනය කරගනිමින්, ලාභදායී දුරකතන තවදුරටත් ප්‍රමුඛත්වය ලබාගන්නා බව පෙන්නුම් කරයි.

adduplex-2015-12-06

Lumia 535 දුරකතනය, සටහනේ 23.2%ක් ලබාගනිමින් ප්‍රබලව, ඉන්දියාවේ, ප්‍රථම ස්ථානයේ රැඳි සිටියදී, පැරණි Lumia 520 දුරකතනය 14%ක් ලබාගනිමින් දෙවන ස්ථානයද, නව දුරකතනයක් වන Lumia 540 දුරකතනය 8%ක් ලබාගනිමින් තෙවන ස්ථානයද හිමි කරගනී. ප්‍රථම දසදෙනා අතර මධ්‍යස්ථ මට්ටමේ දුරකතනයක් වන Lumia 640 XL ප්‍රමාණයෙන් විශාලතම දුරකතය ලෙස රැඳී සිටියදී, ප්‍රමාණයෙන් සමාන Lumia 950 XL දුරකතනය තවමත් AdDuplexහි සංඛ්‍යාලේඛණවල දක්නට නොලැබේ. නමුත් Lumia 950 දුරකතනය ඒ අතර දුරකතන 48ක් පසුපසින් ඇතුලත්ව තිබේ.

විශේෂයෙන් Microsoftහි නවතම දුරකතන පිළිබඳ සලකා බැලීමේදී,

  • ප්‍රංශයේ, Lumia 950 දුරකතනය, XL දුරකතනයට වඩා ජනප්‍රියතාවයක් උසුලයි.
  • රුසියාවේ, නව Lumia 550 දුරකතනය, Lumia 950 හා 950 XL දුරකතන වලට වඩා ජනප්‍රියතාවයක් උසුලයි.
  • ඕස්ට්‍රේලියාවේ, Lumia 950 XL දුරකතනය, 950 දුරකතනයට වඩා දෙගුණයකට වැඩි ජනප්‍රියත්වයක් උසුලයි.

මේ මස වාර්තාව වැඩිදුර අධ්‍යයනය සඳහා මෙතැනින් පිවිසෙන්න.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න – AdDuplex

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY