Windows Insider වෙත තවත් අලුත් Option එකක් ‘Release Preview ring’

Windows Insider වෙත තවත් අලුත් Option එකක් ‘Release Preview ring’

2465
1
SHARE

Windows 10 Mobile Preview Build 10586.107 එක නිකුත් වීමත් සමඟම Windows Insider වැඩසටහනට තවත් අලුත් අංගයක් එක්ව තිබෙනවා ඒ Release Preview යන Option එකයි. එමඟින් Windows Insider වැඩසටහන සමඟ සම්බන්ද වී තිබෙන පරිශීලකයින් හට නිකුත් කිරීමට සූදානම්ව පවතින Windows 10 Build නිකුත් වීමට ප්‍රථම ලැබෙනු ඇති.

දැනට Windows Insider සමඟ සම්බන්දව සිටින පරිශීලකයින් හට Slow Ring  හා Fast Ring යන Option දෙක ඉතා හොදින් හුරු පුරුදු අතර Gabe Aul පැවසුවේ Windows 10 කණ්ඩායම මෙම නවතම Option එක වන Release Preview Ring එක Windows 10 සහ Windows 10 Mobile භාවිතාකරන්න සඳහා හදුන්වාදුන් බවයි.

ඒ අනුව මේ Option 3 පහත පරිදිවේ:

Fast – ඉතා ඉක්මණින් preview builds ලබා ගැනීමට හා features මෙන්ම අලුත් අංගයන් පිළිබඳ අත්හදා බැලීමට කැමති insidersලා සඳහා මෙය වැදගත්වන අතර මෙමගින් ඇතැම්විට ජංගම දුර්කතනයට හානි වීමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් ඇත.මෙමගින් ඇතැම් විට ඉතාමත් හානිකර ආකාරයේ දෝෂ හඳුනා ගැනීමට හැකියාව ඇත

Slow – ඉතා ඉක්මනින් preview builds ලබාගත හැකි අතර ඔබගේ උපාංගය හා Windows මෙහෙයුම් පද්ධතිය සමඟ ඇති අවදානම ඉතා අඩුය. එහෙත් ඔබට එහි අඩංගුවිය යුතු අමතර අංගයන් යෝජනා කිරීමට අවශ්‍යනම් මෙය භාවිතා කල හැකිය.

Release Preview – මෙය ඉතා වැදගත්වන්නේ නිකුත් වීමට මත්තෙන්, අවදානමෙන් තොර වූ Preview Build එකක් භාවිතාකිරීමට කැමති හා සියලු Windows Applications, Drivers ලබාගැනීමට කැමති අතර එක් එක් ගුණාංගයන් පිළිබඳ ප්‍රතිචාර ලබාදීමට කැමති Insiders ලා හට මෙය ඉතා වැදගත් වනු ඇත.

මෙහිදී Slow, Fast යන option දෙක මඟින් දැනට Windows 10 මෙහෙයුම් පද්ධතියේ සංවර්ධන අවදියේ ඇති ශාකාවක් එහෙමත් නැතිනම් Development Branch එකක් සමඟ අත්හදා බැලීම් සිදුකිරීමට සැලසෙන අතර, නවතම Option එක වන Release Preview එකේදී  ඔබ හට ලැබෙන්නේ Current Branch එකෙහි ඇති preview builds වේ. මෙය ඇත්තෙන්ම සාමාන්‍ය Windows 10 පරිශිලකයින් හට නිකුත් වීමට සූදානම් තත්වයේ පවතින update එකේ පෙර සංස්කරණයක් කීවොත් නිවැරදිය.

Comments

comments