CES 2016 හිදී IoT ඉදිරිපත් කිරීම, Microsoft සහ Samsung එක්ව සිදු කරයි

CES 2016 හිදී IoT ඉදිරිපත් කිරීම, Microsoft සහ Samsung එක්ව සිදු කරයි

2618
0
SHARE

පසුගියදා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර නිමාවට පත්වූ CES 2016 ප්‍රදර්ශණයේ Windows 10 සමග Internet of Things(IoT)හි යෙදීම් ඉදිරිපත් කිරීම සඳහා Microsoft සහ Samsung යන ලෝක ප්‍රකට සමාගම් දෙක එක්ව කටයුතු කරන ලදී.

මෙම ඉදිරිපත් කිරීම සිදු කරන ලද්දේ Microsoft සමාගමේ Bryan Roper සහ Terry Myerson විසින්ය. ඔවුන් Cortana වෙතින් ප්‍රශ්ණ මාලාවක්, ශීතකරණ, රූපවාහිනි සහ රෙදි සෝදන යන්ත්‍ර වැනි Samsungහි IoT යෙදීම් පිළිබඳව විමසන ලදී. ඒ සඳහා මේ සතිය තුල නිකුත් කල නවතම Samsung Galaxy TabPro S laptop පරිගණකයක් යොදා ගන්නා ලදී.

iot_assistant_iiot_assistant_ii

එහි එක් නිදර්ශණයකදී, Roper විසින් Cortana වෙතින් රෙදි සෝදන යන්ත්‍රයක් දැනට භාවිතයේ තිබෙනවාද යන්න විමසන ලදී. එයට Cortana, ශබ්දමය වශයෙන් පිලිතුරු සහ වර්තමාන චක්‍රය නිමවන කාලය සහිත සටහනක් ඉදිරිපත් කරන ලදී. තවද චක්‍රය නිමවූ වහා Windows 10 වෙතින් ඒ බව දැනුම්දෙන බව Roper සඳහන් කළේය. Cortana වෙතින් නිවසේ සිටින පවුලේ සමාජිකයන් සමග සේදීමට ඇති රෙදි ප්‍රමාණ පෙන්නුම් කරන ලෙස පැවසූ විට, එක් එක් සමාජිකයන් පරිභෝජනය කරන රෙදි සෝදන යන්ත්‍රයේ ධාරිතාවයන් පිළිබඳ විස්තර ස්ථම්භ ප්‍රස්තාරයක් මගින් පෙන්නුම් කරන ලදී.

iot_assistant_iiii iot_assistant_iii

පවුලේ සමාජිකයෙක් ගෙදරදොර උපාංග භාවිතා කරන වාර සංඛ්‍යාව මෙන්ම ශීතකරණය භාවිතා කිරීමේදී එහි පරිභෝජනය කරන ධාරිතාවද, තවදුරටත් Cortana පෙන්නුම් කරන ලදී.

සමහරුන් ඉදිරිපත් කල අවස්ථාවන්හි ප්‍රායෝගිකතවය පිළිබඳ ප්‍රශ්ණ කරන විට දැක්විය හැක්කේ, ඒවා උපාංග රැසක සබඳතාවක් සහ Windows 10 හි Universal apps මගින් ක්‍රියා කරන විවිධාකාර වර්ගයේ උපකරණ හා IoT ඇසුරෙන් පමණක් ක්‍රියාත්මක වන නිදසුනක් ලෙසටයි.

Microsoftහි Samsung සමග මෙම ඉදිරිපත් කිරීම සිදු වූයේ,Microsoft සමාගම විසින් මීට මසකට පෙර නිෂ්පාදකයන් සඳහා නව Windows 10 ‘IoT Pro’ SKU නිකුත් කිරීමෙන් පසුවයි. තවද ඉන් පෙනීයන්නේ Microsoftහි IoT මගින් සිදු කල හැකි දෑ සහ Windows 10 platform එක පිළිබඳ ඇති කැපවීමයි.

මෙම ඉදිරිපත් කිරීම මගින් Windows 10 සමග Samsung IoT-ready උපාංග ක්‍රියා කිරීම පෙන්නුම් වුවත්, මෙහි අරමුණ වන්නේ අනාගතයේ පුද්ගලයන් වෙත තෝරාගැනීම් රැසක් ඇති කොට, අවසානයේ එමගින් වඩා ඵලදායී ගෘහයක් නිර්මාණය කිරීමයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY