Office 365 Education සඳහා වන නවතම Classroom-Focused Tools එකතුව

Office 365 Education සඳහා වන නවතම Classroom-Focused Tools එකතුව

1681
0
SHARE

ලොව වටා බොහෝ රටවල නව පාසල් වර්ෂය ආරම්භ වීමත් සමඟ Microsoft සමාඟම විසින් Microsoft Classroom සඳහා නවතම සිසුන් හා ගුරුවරුන් අරමුණුකරගත් මෙවලම් හඳුන්වා දීලා තිබෙනවා. Office 365 Education සමඟ හවුලේ ලබා දෙන මෙම මෙවලම්, ගුරුවරු සහ සිසුන් සමඟ වඩාත් හොඳින් සහ විධිමත්ව එක්ව කටයුතු කිරීමට ඉඩ ලබා දෙයි.

ගුරුවරුන් සහ සිසුන් යන දෙපිරිසටම class සහ (ඇගයීම්) assignment workflow කළමනාකරණය කරගනිමින් විධිමත් අත්දැකීමක් ලබාදීමට නිර්මාණය කරන ලද මෙම Microsoft Classroom සඳහා වන Office 365 පසුගියදා නිවේදනය කලා. Word, Excel හෝ PowerPoint වැනි Microsoft මෘදුකාංග භාවිතා කිරීමෙන් හෝ දැනටමත් තමා ලඟ ඇති content භාවිතා කිරීමෙන් නවතම Office Documents නිර්මාණය කර ගැනීමට අධ්‍යාපකයින්හට මෙමඟින් ඉඩ ලැබෙනවා.

මීට අමතරව දැනට පාසල්වල ඇති සාම්ප්‍රධායික පාසල් කළමණාකරන පද්ධති, Office 365 සමඟ සම්බන්ධ කිරීමට IT adminවරුන් හට ඉඩ ලබාදෙන “School Data Sync” tool එකත් Microsoft සමාඟම මේ වන විට නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ලොව පුරා පොදුවේ ගුරුවරු සහ සිසුන් යන දෙපිරිසටම quizzes, questionnaires, registrations, surveys වැනි තවත් බොහෝ දෑ නිර්මාණය කල හැකි Microsoft Forms එකක්ද ඔවුන් නිපදවා තිබෙනවා.

“Think with Ink” ලෙස Windows 10 වල OneNote සඳහාම අලුතින්ම එක් වූ මෙම inking features වලින් දැන් සිසුන්ට මෙම software එකෙන් හඳුනා ගන්නා ගණිත සමීකරණ හා සූත්‍ර ලිවීමේ හැකියාව ලැබෙනවා. ඉන්පසු OneNote එක සිසුවාට තේරුම් ගැනීමට පහසු වෙන විදිහට එම equations පියවරෙන් පියවරට විසඳා දෙනවා. සියලුම වයස් භේදයකින් තොරව තම කියවීමේ සහ ලිවීමේ හැකියාවන් වැඩි දියුණු කරගැනීමට හැකිවන පරිදි මෙම OneNote සඳහා වන Learning Tools දැන් විවිධ භාෂා රැසකින් ලබාගත හැකි බව Microsoft සමාගම පවසනවා.

ලොව සෑම සිසුවෙකුම වැඩියෙන් අරමුණු මුදුන් පමුණුවනවා ගැනීමට හැකිවන ආකාරයට බලගැන්වීම අපේ මෙහෙවරයි. Microsoft Classroom සහ සිසු අවධානය යොමු වූ ගුරු ආස්වාදය ලබා දුන් Office 365 අධ්‍යාපනයෙන් අපි සිදු කරන්නේ එයයි.

ලෙස Microsoft පවසනවා.

ගැන තවත් තොරතුරු දැනගන්න https://classroom.microsoft.com/

නවතම tools ගැන තව වැඩි විස්තර සහ Windows 10 Anniversary එකේ educational features ගැන තව ඉගෙන ගන්න ඔබට දැන් පුලුවන්.

Source: neowin.net

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY