Microsoft ගෙන් Developers ලාට නොමිලේ….

Microsoft ගෙන් Developers ලාට නොමිලේ….

2748
1
SHARE

Microsoft සමාගම පසුගියදා නිවේදනය කලා අලුත්ම වැඩසටහනක් පිලිබදව. ඒ තමයි Visual Studio Dev Essentials කියන්නෙ. මේ වැඩසටහන හරහා ඕනෑම Developer කෙනෙකුට ඕනෑම Device එකකට හෝ Operating System එකකට Application නිර්මාණය කරන්නට අවශ්‍යය සියලුම දේ ලබා දෙනවා. මේ හරහා ඔබට ප්‍රසිද්ධ Microsoft සේවාවන්, Tools හා සම්පත් සදහා ප්‍රවේශ වීමේ හැකියාවද පහසුවෙන්ම ලබාගන්නට පුළුවන්. ඒ වගේම මේ හරහා Developers ලාට අලුත්ම පහසුකම් බොහෝ ප්‍රමාණයක් ලබාගන්නටත් හැකියාව ලැබෙනවා.visual_studio_code_beta

මේ Dev Essentials වැඩසටහනේ ඇති විශේෂත්වය වන්නේ මේ සියලුම දේ නොමිලේ ලබාදීමයි. එනම් සියල්ල Open source වීමේ පසුබිම සැකසීමක් ලෙසද මෙය දක්වන්නට පුළුවන්. මේ මගින් ඔනෑම Device එකක් හෝ Operating System සදහා Application නිපදවීමට Visual Studio Community හෝ Visual Studio Code යොදා ගැනීමට Developers ලාට අවස්ථාව ලබා දෙනවා. මෙයින් ලැබෙන වාසි කිහිපයක් ලෙස Visual Studio team Services, Pluralsight, Wintellect, and Xamarin පහසුකම් ද දක්වන්නට පුළුවන්. තවත් පහසුකම් 2016 දී එන්නට නියමිතයි. මේ වාසි සහ මේවා developersලාට ලබාගත හැකි අකාරය WindowsGeek අපි ලගදීම ඔබට ගෙනෙන්නට සූදානම්.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY