Microsoft Azure එක පෙළට – 4 කොටස

Microsoft Azure එක පෙළට – 4 කොටස

1861
0
SHARE

ඔබත් පලවෙනි ලිපියේ ඉදන්ම කියවගෙන එන රසිකයෙක්නම් මෙතනින් කියවන්න පටන් ගන්න. හැබැයි ඔබ මෙතන ලිපිය එක පාරටම පැමිණුනු කෙනෙක්නම් ආරාධනා කරනවා පළමු ලිපියේ ඉඳන් නැවත කියවගෙන එන ලෙසට. මුල් ලිපි වලට පිවිසෙන්න අමාරුනම් මේ ලින්කු click කරන්න, අදාල ලිපිය කියවන්න. පළමු ලිපිය, දෙවෙනි ලිපිය, තුන්වන ලිපිය මේ තැන් වලින් ලබාගන්න පුළුවන් ඔබට. අපි තුන්වෙනි ලිපියේ අවසානයේ අපි අවසන් කලේ Azure free account එක නිර්මාණය කලාට පස්සේ ඔබට සදහටම නොමිලේ භාවිත කරන්න ලැබෙන services ගැන කියනවා කියන පොරොන්දුවත් එක්ක.

වැදගත්ම දේ වෙන්නේ app service එක. ඔබට අවස්ථාව හිමි වෙනවා apps 10කට. ඒවා web apps, mobile apps වගේම API apps වෙන්න පුළුවන්. ඒ apps C#, Node.js, Python හා PHP ඕනෑම language එකක් වෙන්න පුළුවන්. 1,000,000 functions ඔබට ලැබෙනවා මාසයකට වරක්, event grid operations 100,000ක ප්‍රමාණයක් මසකට වරක් හිමිවෙනවා. ඔබ දන්නවද AKS , එහෙමත් නැත්නම් Azure Kubernet Services ඔබට නොමිලේ හිමිවෙනවා ඔබ azure account එක භාවිත කරන තුරුම. API ගැන කතා කලොත් Face API එක සහ Translator Text API දෙකම ඔබට හිමි වෙනවා.

DevTest Labs, Active Directory, Service Fabric, Security Center, Advisor, Load Balancer, Batch, Data Catalog, Visual Studio Code, Machine Learning Server, SQL Server 2017 Developer Edition කියන සියලුම services 100% නොමිලේ හිමි වෙනවා ඔබට. සාමාන්‍යයෙන් කෙනෙක්ට මම azure පාවිච්චි කරනවා කිවොත් ඔහුගේ ඔලුවට එන ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

නිතර අහන ප්‍රශ්න

  • Azure free account එකක සල්ලි ගෙවන්න තියෙන්නේ මොකටද?
    • ගෙවන්න නැහැ ඇත්තම කිවොත්. ඔබට මුල් දින 30 වියදම් කරන්න $200කුත් හිමි වෙනවා මේකත් එක්ක. ඔබ ඔබේ ගිණුම upgrade කරන්න select කරපු දවසේ ඉදන් තමයි සල්ලි අයවෙන්න පටන්ගන්නේ.
  • මට ලැබුණු $200 ඉවර වුනොත් හරි දවස් 30 ඉවර වුනොත් හරි මොකද වෙන්නේ?
    • ඔබට පුළුවන් pay-as-you-go subscription එකකට යොමු වෙන්න free product වලට තියෙන access දිගටම තියාගන්න ඕනෙනම්. මේවගේ සමහර services මුල් මාස 12 පමණයි, අනෙක් සියල්ල හැමදාටම නොමිලේ.
  • මට ලැබුණු මේ මුල් මාස 12න පස්සේ මොකද වෙන්නේ?
    • මෙතනින් පස්සේ අපි කියපු සමහර products වලට තිබුන free access නැතිවෙලා යනවා. මෙතනින් පස්සේ pay-as-you-go subscription එක අනුව ඔබෙන් මුදල් අය වෙනවා සමහර products වලට පමණක්.
  • Azure account එකකට sign up වෙන්න මොනවද ඕනේ තොරතුරු?
    • දුරකථන අංකය, credit හෝ debit card එකක්, Microsoft Account username එක. මේකෙදි දුරකථන අංකය සහ credit card තොරතුරු ලබාගන්නේ ඔබව තහවුරු කරගන්න මිසක් දත්ත පිටතට දෙන්න හෝ සල්ලි කපාගන්න අරමුණකින් නෙමෙයි. ඒ වගේම ඔබ දකීවි 1 dollar verification එකක්, නමුත් දින 3-5 අතර කාලයකදී එය ඉවත් වෙලා යනවා.
Click on the start free button
Click on the start free button

මෙතනින් පස්සේ ඔබට තිබෙන්නේ Start free button එක click කරලා ඔබට ඔබේ Microsoft ගිණුමට පිවිසෙන්න පුළුවන්. එතනින් පස්සේ අදාල තොරතුරු පුරවාගෙන යාමෙන් පස්සේ verification වගයක් පැමිණේවි. SMS verification, Email Verifications වගේ දේවල් වලින් පස්සේ ඔබට පුළුවන් ඔබේ azure ගිණුමට පිවිසෙන්න පුළුවන්.

මෙතනින් පස්සේ අපි කතා කරන්න පටන් ගන්නවා කොහොමද Azure dashboard එකේ වැඩ කරන්නේ කියන එක. එකේ තියෙන දේවල් මොනවද? අපි උඩින් සඳහන් කරපු ඔක්කොම මේ dashboard එකේ දකින්න පුලුවන්ද බැරිද මේ සේරම කතා කරමු.

නැවත හමුවෙමු…

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY