කැඩෙන Wristband වලට විසඳුමක් සමග Microsoft Band 3?

කැඩෙන Wristband වලට විසඳුමක් සමග Microsoft Band 3?

2241
1
SHARE

Microsoft සමාගම Microsoft’s Redstone නිකුත් කිරීම දක්වා වූ මාවත දෙස බලනවිට අපිට ඔවුන්ගේ hardware plans ගැන අදහසක් ගැනීමට පුළුවන්..ඒ අනුව අපිට 2016 ඉදිරි නිවාඩු සමයට වඩා 2017 මුල් කාලයේ අලුත් product එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

කෙසේ වුවත් ජුලි 4 අන්තර්ජාල පුවත් , Microsoft සමාගමට 2016 නිවාඩු සමයදී customersලට ලබාදීමට යම් දෙයක් තිබිය හැකි බව හැඟෙවුවා. Mary Jo Foley of ZDNet fame අනුව, Microsoft සමාගම 2017 මුල් කාලයේ අලුත් hardware අංගයක් හඳුන්වා දීමට පුළුවන් අතර, එය දැනටමත් කටකතා පැතිරෙන AIO Surface workstation හෝ Surface Phone වීමට ඉඩකඩ ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.එය දැනට තිබෙන products Upgrade කීරීමක්ද වෙන්න පුළුවන්.

“Microsoft සමාගම fitness band එකෙහි අලුත් version එකක් හඳුන්වා දෙන්න පුළුවන් බව අනුමාන කරනවා. ඒ දැනට පවතින band 2 එකේ usersලා වාර්තා කල ප්‍රශ්න අනුව, ඒ සඳහා බොහෝ ඉඩකඩ පවතිනවා. Band 2 එක Windows 10-powered device එකක් නෙවෙයි ඒක Surface-branded device එකක්. අලුත් band එක Windows 10-powered සහ/හෝ Surface-branded එක්කද කියන්න තරම් තොරතුරු අපි ළඟ නම් නැහැ.”

Microsoft සමාගම ලගදී , usersලා ගෙන් ලැබුන පැමිණිලි අනුව Band 2 එකේ thermal plastic elastomer silicone පටිය update කලා.(Band 2 ගැන). ඒය වැඩි ප්‍රසිද්ධියක් නැතිවම විකුණන්නත් පටන්ගත්තා.
Band 2 එක සඳහා update කිරීම සිදුවුවත්,සමහර usersලට band 2 සඳහා තවමත් ප්‍රශ්න පවතිනවා.සමහරවිට microsoft මේ සඳහා ස්ථිර විසදුමක් සොයා ගෙන usersලට ඉක්මනින් ලබා දෙන්න ඉඩතියෙනවා.

“microsoft නිලධාරීන් මේ කිසිවක් පිළිබඳව තාම අදහස් දක්වලා නෑ . මේ සෑම දෙයක්ම ආරංචි මාර්ග සහ විවිධ කටකතා මත පදනම් වේ”

Foshly පවසන ආකාරයට, මේ පැවසු සියල්ල කටකතා පමණක් නොව ඒවා Microsoft සමාගම අතීතයේ ඔප්පු කල ඇති ආකාරයට ඉතා ඉක්මනින් සැබෑ විය හැකි බවයි. ඒවා ඉක්මනින් ව්‍යාපෘති වෙන්න පුළුවන්. ඉදිරි මාස කිහිපයේ වෙන්නේ කුමක්ද කියා අපි බලන් ඉමු.

මූලාශ්‍රය: winbeta.org
මූලාශ්‍රය: wareable.com

Comments

comments

1 COMMENT

LEAVE A REPLY