Microsoft Imagine ලෙස වෙනස්වන Microsoft DreamSpark වැඩසටහන

Microsoft Imagine ලෙස වෙනස්වන Microsoft DreamSpark වැඩසටහන

1562
0
SHARE

Microsoft Dream Spark කියලා කියන්නේ අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා නොමිලේ Microsoft මෘදුකාංග හා සේවා ලබාදෙන වැඩසටගණක්. මෙහිදී DreamSpark වැඩසටහණට සම්බඳවන සිසුන් හට Windows 10, Office, Project , Microsoft Azure ඇතුලු තවත් මිලියන ගනනක් වටින Software, Services, Learning tools මෙන්ම සෙවාවන් නොමිලයේ ලබාදෙනු ලබනවා. මෙහිදී Microsoft සමාඟමේ ප්‍රධාන අරමුණ වන්නේ විවිධ කුසලතා ඇති සිසුන්හට Microsoft සමාඟමේ මෙම Tools භාවිතාකර උපරිම ප්‍රයෝජන ලබාගැනීමත් නව අදහස් Products බවට පරිවර්තනය කිරීම සඳහා උපකාර කිරීමත්ය.

imagine_cup

කෙසේ වෙතත් පසුගිය දිනක Microsoft සමාඟම විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ Microsoft Dream Spark වැඩසටහන Microsoft Imagine ලෙසට ප්‍රතිනාමකරණය කරනු ලබන බවයි.

ඒ අනුව වැඩසටහනෙහි සිදුවන වෙන්ස්කම් මෙසේය,

  • DreamSpark Standard වැඩසටහණ  Microsoft Imagine Standard ලෙස වෙනස් වේ.
  • DreamSpark Premium වැඩසටහණ  Microsoft Imagine Premium ලෙස වෙනස් වේ.
  • 2017 පළමු කාර්තුවේ මෙලෙස සම්පූර්ණ නාමකරණයන් වෙනස්වන අතර මෙම එක් එක් වැඩසටහන් මඟින් ලැබෙන ප්‍රතිලාභ එලෙසෙම පවතිනු ඇත.
  • සිසුන් හා DreamSpark ගිණුම් ඇඩ්මින් වරුන් සඳහා ලැබෙන වෙබ් අතුරු මුහුණත ඉතා පහසු අතුරු මුහුනතකට වෙනස් වේ.
  • මෘදුකාංග භාවිතය පිළිබඳ වන ඇතැම් එකඟතාවයන් වෙනස් වනූ ඇත.මෙහිදී විශාල පරිමාණ අධ්‍යාපන ආයතන සඳහා ලබාදෙන Subscription පැකේජයන් හි මිලගනන් වල කිසිදු වෙනසක් නොවනු ඇති අතර නාමය සහ නව වෙබ් අතුරු මුහුණතක් සිසුන් හා ඇඩ්මින්වරු වෙත ලබාදෙන බව තවදුරටත් Microsoft සමාඟම දන්වා සිටියි.

Source: MSDN Blogs

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY