Microsoft සමාගම පාරිභෝගිකයන් හට Oracle වෙතින් අත්මිදීම සඳහා නොමිලේ SQL Server බලපත්‍ර...

Microsoft සමාගම පාරිභෝගිකයන් හට Oracle වෙතින් අත්මිදීම සඳහා නොමිලේ SQL Server බලපත්‍ර ලබාදෙයි

2153
0
SHARE

මෑතකදී නිකුත් කල SQL Server 2016 පිළිබඳ විශ්මයජනක දැනුම්දීම් සමග Microsoft සමාගම, Oracle database මෘදුකාංගයෙන් සංක්‍රමණය වන ඔවුන්ගේ පාරිභෝගිකයන් සඳහා නොමිලේ SQL Server බලපත්‍ර ලබාදීමට තීරණය කොට ඇත. ඔවුන් මෙම අවස්ථාව දක්වා ඇත්තේ Oracle වෙතින් අත්මිදීම(“break free from Oracle”) ලෙසයි. මෙම අවස්ථාව හිමිවන්නේ Microsoft සමාගම විසින් නිකුත් කරන මහා පරිමාණයේ පාරිභෝගිකයන් වෙත ලබාදෙන ව්‍යාපාරික බලපත්‍ර ගිවිසුමක් වන Software Assuranceහි ග්‍රාහකයන් සඳහා පමණි.

නොමිලේ ලබාදෙන බලපත්‍ර සමගම, Microsoft සමාගම විසින් database administrators හට නොමිලේ SQL Server පුහුණුවක් සහ මෙවන් මූලික software එකක් වෙනස් කිරීම සඳහා ප්‍රාග්ධන පිරිවැය මුදල් ලබාදීමට කටයුතු කරනු ඇත. සියලු කාර්ය ප්‍රමාණය සඳහා අභ්‍යන්තර මතකය තුල වන ක්‍රියාකාරකම් වැනි පිරිවැය අවම කරන විශේෂාංග සහිතව ක්‍රියාකාරී බව වර්ධනය කරමින් සහ Oracleහි නිතර විවේචනයට ලක්වන බලපත්‍ර සහිත ආකෘතියෙන් බැහැරව මෙම වෙනස ඉදිරිපත් කොට ඇත.

මෙම දීමනාව වලංගු වන්නේ සීමිත කාලයකටය, එනම් මෙම වසරේ ජුනි මස 30 වන දින දක්වා වන අතර මෙම දීමනාව ප්‍රයෝජනයට ගන්නා ඕනෑම ආයතනයකට ප්‍රබල ලෙස applications සඳහා වන පිරිවැය අවම කරගැනීමට අවස්ථාව උදාවේ. දැනටමත් Software Assurance පාරිභෝගිකයන් තම බලපත්‍ර සඳහා නිතරම සෘජුව කතිකා කරගනිමින් සම්පූර්ණ විකුණුම් මිලට වඩා සැලකිය යුතු අඩු මුදලක් ගෙවන බැවින්, සමහරුන් සඳහා මෙම වට්ටම විශාල ලෙස අඩුවීමක් නොවනු ඇත. නමුත් මෙය ඉදිරිය සඳහා කුමන database විසඳුමක් තොරාගත යුතුද යන්න නිශ්චිත නොවන administrators හට අනගි අවස්ථාවකි.

මෙම දැනුම්දීමත් සමග Microsoft සමාගම Data Drivenහිදී නිල වශයෙන් SQL Server 2016 නිකුත් හඳුන්වාදීමේ උත්සවය ආරම්භ කර ඇති අතර, සමහර පාරිභෝගිකයන් හට Microsoftහි නිල blog අඩවියෙහි නව version එකෙහි ඇති ඇතුලත් කල හා වැඩිදියුණු කල සියලු විශේෂාංග පිළිබඳ මතක් කර සිටියි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY