Microsoft සමාගම ඇ.ඩොලර් බිලියන 8කට Slack මිලදීගැනීම පිළිබඳ සලකා බලයි

Microsoft සමාගම ඇ.ඩොලර් බිලියන 8කට Slack මිලදීගැනීම පිළිබඳ සලකා බලයි

2233
0
SHARE

Microsoft සමාගමේ අභ්‍යන්තර පුද්ගලයෙකු TechCrunch වෙත වාර්තා කර ඇති පරිදි, ඔවුන් මෑතකදී messaing platform එකක් වන Slack මිලදීගැනීම පිළිබඳ සලකා බලමින් සිටියි. Microsoft සමාගමේ අභ්‍යන්තර ව්‍යාපාරය, ඇ.ඩොලර් බිලියන 8කට Slack මිලට ගන්නා ලෙස යෝජනා කර ඇති බවට වාර්තා වුවත්, සමාගමේ නිර්මාතෘ Bill Gates සහ වර්තමාන CEO Satya Nadella ඇතුලු බොහෝදෙනා ඒ පිළිබඳ පැහැදිලි ස්ථාවරයක් නොදක්වයි. තවද Bill Gates සඳහන් කොට ඇත්තේ, Slack සමග ව්‍යාපාර අංශයේ වඩා කාර්යක්ෂමව තරඟවැදීමට Skype වර්ධනය කල යුතු බවයි.

TechCrunchහි මූලාශ්‍රයට අනුව, Slack මිලටගැනීමේ ව්‍යාපාරය පිටුපස සිටින්නේ Microsoft සමාගමේ applications සහ සේවා පිළිබඳ උප සභාපති Qi Lu මහතාය. ඔහුගේ කාර්යභාරය වන්නේ Microsoft Office, Office 365, SharePoint, Exchange, Yammer, Lync, Skype, Bing, Bing Apps සහ MSN වැනි applications සහ සේවා කණ්ඩායම් සඳහා දැක්ම, උපාය සහ සම්පූර්ණ මගපෙන්වීම සැපයීමයි.

Microsoft සමාගම Slack මිලදීගැනීමට උත්සහ කලත්, Slackහි CEO Stewart Butterfield, එම යෝජනාවට කැමැත්ත පල නොකරනු ඇත. පසුගිය වසරේ මැයි මාසයේ පැවති Code සම්මේලනයේදී ඔහු පවසා සිටියේ, Yahoo සමාගම Flickr මිලදීගැනීමෙන් තමා බොහොමයක් දෑ ඉගෙන ගත් බවයි.

Microsoft සමාගම Slack මිලදී ගත හොත්, එම ගනුදෙනුව මගින් විශාල ආදායමක් බලාපොරොත්තු විය හැකිය. පසුගිය මාසයේ Slack දන්වා සිටියේ ඔවුන් සතුව මිලියන 2.3ක භාවිත කරන්නන් සංඛ්‍යාවක් සිටින බවත්, ඉන් 675,000ක් මුදල් ගෙවන පාරිභෝගිකයන් බවත්ය. එමෙන්ම පසුගිය වසරේදී ඔවුන් හට ඇ.ඩොලර් මිලියන 64ක වාර්ෂික පුනරාවර්තිත ආදායමක් හිමි වූ අතර, භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වර්ධනය වන බැවින් පසුකාලීනව වර්ධනය වූ ආදායමක් බලාපොරොත්තු විය හැකිය.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY