Fast Ring පාරිභෝගිකයින්ට Microsoft සමාගම PC සදහා වූ windows 10...

Fast Ring පාරිභෝගිකයින්ට Microsoft සමාගම PC සදහා වූ windows 10 build 14316 ලබා දෙයි

2911
0
SHARE

Microsoft සමාගම windows 10 සදහා වන අලුත්ම පෙරදසුන(preview) පසුගියදා මුදාහරියා. Build 2016 සමුළුවේදී එය සදහා අලුත් පහසුකම් කීපයක් ප්‍රකාශ කරනු ලැබුවා.

මෙන්න අලුතින් එක්වූ පහසුකම්,

  1. Ubuntu bash windows තුල natively ක්‍රියාත්මක කර හැකි වීම: මෙය පසුගියදා නිමා වූ Build 2016 සමුළුවේදී ප්‍රකාශයට පත් කරන ලදී. මේ සදහා ඔබට settings වල ඇති developer mode on කරගත යුතුයි. Settings > Update & security > For developers. දැන් “windows features” යනුවෙන් search කරන්න. එවිට ලැබෙන Menuව තුලින් “Turn Windows features on or off” යන්න තෝරා ගන්න. මේ සමගම windows subsystem for Linux(Beta) enable කරන්න. Bash install කරගැනීමට command prompt එක open කරගෙන “bash” ලෙස type කරන්න.

bash-1024x569

  1. Cortana cross – device විශේෂාංගය: අද සිට cortana භාවිතා කරන ඔබ සදහා මුදා හරින අලුත්ම පහසුකම හරහා ඔබ cortana භාවිතා කරන සියලුම උපාංග synchronize කර ගැනීමට අවස්ථාව සැලසෙයි. Windows phone එකක් නොමැති වුවද, මේ පහසුකම Android Device තුලද ක්‍රියාත්මක වනු ඇත. නමුත් ඒ සදහා cortana 1.5 හෝ ඊට වඩා වැඩි සංස්කරණයක් තිබිය යුතුයි.  

Low battery notification: Cortana දැන් ඔබේ ජංගම උපකරණයේ Low battery අවස්ථාවේදී එය ඔබ වෙත දැනුම් දෙනු ඇත. උදාහරණයක් ලෙස, ඔබේ දුරකථනයේ බැටරි බලය අඩු වේ නම්, ඔබගේ PC screen එක මතට notification එකක් ලබා දෙනු ඇත.

 

Find my phone/Ring my phone: බොහෝවිට අපගේ ජංගම දුරකථනය තිබෙන ස්ථානය අපිට අමතක වන්නට පුළුවන්. මෙහිදී cortana මගින් ඔබට ඔබේ PC1 හරහා දුරකථනය ඇති ස්ථානයත්, අවශ්‍ය නම් Ring කරවීමටත් අවස්ථාව තිබෙනවා. 🙂

Share map directions across devices: අද වන විට මිනිසුන් භාවිතා කරන විද්‍යුත් උපාංග සියල්ල අතර සබදතාව පවත්වා ගැනීම එතරම් පහසු කටයුත්තක් නෙමෙයි. උදාහරණයක් ලෙස ඔබ mobile එකෙහි open කරගෙන සිටි email එක ඔබ පරිගණකයට පැමිණි පසු නැවත මුල සිට search කර open කිරීමට සිදු වෙනවා. cortana මගින් මේ සදහා විසදුමක් ලබා දෙනවා. Access Navigation පහසුකම හරහා. “directions to < place>” යන විධානය ලබා දීමෙන් cortana වල මෙය භාවිතා කර හැකි වෙනවා.

 

New and Updates Extensions for Microsoft Edge: සති කීපයකට පෙර අප පැවසු පරිදි,  Microsoft edge වෙනුවෙන් extensions දැන් ඔබට ලබා ගත හැකි වෙනවා.  One-Note clipper සහ pin it යනු එවැනි නවතම extensions වර්ග දෙකකි. ඊට අමතරව Reddit Enhancement Suite, Mouse Gestures, and Microsoft Translator හි updates ද දැන් ලබා ගත හැකි වෙනවා. මේවා install කරගැනීමට “More” කියන option එක select කරගත යුතුයි.

new-edge-extensions

Skype UWP preview app: Skype blog එකෙහි මීට සති 2කට පමන පෙර ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවා Skype UWP preview app අත්හදා බැලීමේ අවස්ථාව ලබා දෙන බව. මෙය සදහා Basic Skype functionalities බොහොමයක් භාවිතා කර තිබෙනවා. දැනට මෙය PC සදහා පමණක් release කර තිබෙන අතර නමුත් ලගදීම මෙය mobile සදහාද ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Updated Emoji: designing කණ්ඩායම සතු සුවිසේෂි හැකියාවන් රැසක් පෙන්වන තැනක් තමයි Emoji කියන්නේ. එමොජි වල Font – base එක windows 10 තුල update කර  Microsoft Design Language සමග align කිරීමට ඇති හැකියාව පිලිබදව මේ දිනවල අවධානයට ලක්වී ඇති බව Microsoft සමගම ප්‍රකාශ කරා.

මෙම නව එමොජි සවිස්තරාත්මක ප්රකාශන, විනෝදාත්මක ලෙස නිර්මාණය කර ඇත. ඔවුන් විශාල ප්රමාණයේ සෑම පික්සල් කොටසකින්ම උපරිම ප්රයෝජන ගන්නා අතර ඉමොජි ඕනෑම වර්ණ පසුබිම මත පෙනී සිටීම සඳහා outline two-pixel භාවිතා කර ඇත.

emoji-highlights-v2_page_02-2-1024x913_story

Personalization Improvements: මෙහිදී අප විසින් එක කල අලුත් විශේෂාංගයක් වනුයේ universally toggle between dark and light modes via Settings > Personalization > Colors.

dark-mode-1024x640

මෙහි dark mode active කරගත් පසුව Settings, Store, Alarms & Clock, Calculator and other UWP apps සියල්ලම එයට ඇහුම්කන් දී respond කරනු ලබනවා අපි යොදාගන්නා theme එකට අදාලව. 🙂 සමහර UWP apps ඔවුන්ටම අනන්‍ය වූ theme settings භාවිතා කරන අතර මේ settings toggle කර පමණින් ඒවා වෙනස් නොවේ.

personalization-updates-colors-1024x741

Settings > Personalization > Colors to show color only on app title bars  යනු මෙහි ඇති අලුත්ම option එකයි. ඊට අමතරව to show color on Start, the taskbar, and Action Center සදහාද භාවිතා කල හැකිය.

New PC access experience: නවතම connect app එක භාවිතා කර ඔබගේ mobile එක සහ PC එක අතර continuum experience එකක් ලබා ගැනීමේ අවස්ථාවක් පවතිනවා. (ඒ සදහා continuum enable කර ඇති windows 10 mobile එකක් අවශ්‍ය වෙනවා). මේ සදහා dock එකක් හෝ Miracast adapter එකක් අවශ්‍ය වන්නේද නැත. පහත දැක්වෙන්නේ මේ feature එකෙහි preview එකකි. මෙහි පහසුකම් තව තවත් වැඩි කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.

connect-app-1024x640

Virtual Desktop Improvements: දැන් ඔබට window එකක් pin කිරීමේ අවස්ථාව සෑම Desktop එකක්ම සතු වෙනවා. Task view එක launch කරලා ඔබට pin කරන්න අවශ්‍යය window එක මත right click කරන්න. දැන් “Show this window on all desktops” තෝරා ගන්න. ඔබ සතුව multi-mon setup පවතී නම්, ඔබට email app එක දෙවැනි තිරයක පවත්වා ගැනීමට හැකි වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ඔබ භාවිත කරන monitor වර්ගයෙන් මෙය ස්වායත්ත වීමයි.

vd-show-all-desktops-1024x640

New Update Progress Experience: ඔබ build updates අලුතින්ම install කරනවා නම් ඔබට updates install වන විට අලුත් progress experience එකක් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා

new-upgrade-ui-1024x608

Updated Battery Settings and Battery Saving Experience: පරිශිලකයන්ගේ පහසුව තකා “Battery Saver” settings page එක “Battery” යන නමට වෙනස් කර තිබෙනවා. 

battery-savings-1024x741

Battery use page එකද update කිරීමක් සිදු කරනු ලැබුවා. ඒ නිසා දැන් ඔබට per – app background settings manage කරගැනීමට පහසුවෙන් අවස්ථාව ලැබෙනවා. එය සිදු වෙන්නේ “Managed by Windows” යන අලුත් background setting option එක හරහායි.

battery-details

මේ option එකත් සමග battery saver enable කර පසුව run වන apps නවතිනවට අමතරව ඔබ විසින් pin කර ඇති battery power වැඩිපුර use කරන applications ද තාවකාලිකව නවතා දමනවා. මෙය “Turned off by system” ලෙස දක්වනවා. මීට අමතරව battery power 20% පමණ වූ පසුව user ගෙන් විමසීමක් සිදු කරනවා battery saver mode එක active කරගැනීම සදහා. මෙය windows  8.1 සතුවද තිබුනද මෙය settings වලට ඇතුලත් කිරීමට අදහස් කරේ PC සහ mobile යන දෙකම connect කර නිසාය.

Updated Windows Update Settings: ඔබගේ device එක සමග ඔබ වඩාත්ම කාර්යබහුල වෙන වේලාවන් Settings > Update & security > Windows Update වෙත යොමුවිමෙන් සැකසීමට හැකිය. කාර්යබහුල වේලාවන් වලදී Windows update install වීම නවතා device එක මුළුමනින්ම user ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනු ඇත.  

Commenting in the Feedback Hub: මෙහිදී feedback Hub එක තුල comment කිරීමේ පහසුකම userට ලැබෙයි. Feedback ලබා දෙන පිරිසට “Sticky comments” හරහා අපගේ ඉංජිනේරුවන්ගේ ප්‍රතිචාරය දැනගැනීමටද හැකියාව පවතිනවා. අදාල comments up vote කිරීමට මෙන්ම ඒ සදහා reply කිරීමේ පහසුකමද ලබා දී තිබෙනවා. ඔබට අදහස් ප්‍රකාශ කිරීම සදහා  Apps & Games > Feedback Hub හරහා discussions වෙත එකතු විය හැකිය.

fb-hub-comment

ලගදීම “Messaging everywhere” පහසුකම ඔබ වෙත ලගා කරවීමට Microsoft සමාගම සුදානම්. මෙය මගින් ඔබගේ windows 10 OS එක හරහා mobile text messages යැවීමට ලබා ගැනීමට පහසුකම සැලසෙනවා. මේ සදහා  වන options ලගදීම Messaging app එක හරහා ලබා දීමට කටයුතු කරමින් පවතිනවා.

උපුටා ගැනිම: neowin.net

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY