Windows 10 සමගින් අළුත් වුණ Microsoft Sticky Notes

Windows 10 සමගින් අළුත් වුණ Microsoft Sticky Notes

2520
0
SHARE

Sticky Notes කිව්වම නොදන්න කෙනෙක් නෑ කියල මං හිතනවා. අපි හැමෝම දන්න විදියට Sticky Notes කියන්නෙ Windows මෙහෙයුම් පද්ධතියත් එක්ක එන සටහන්(notes) ඇතුළත් කරල තියාගන්න පුළුවන් ඇප් එකක්. අපිට මේ notes මතක් වෙන්න ඕනෙ නිසා නිතරම අපිට Sticky Notes පෙන්වන්නේ අපේ පරිගණක වල desktop එකේ.

මේ Sticky Notes ඇප් එකට මෑතකදී Windows 10 එක්ක update එකක් ආවා. ඒ අනුව දැනට පවතින අළුත්ම version එක වෙන්නෙ 2.0.5.0. මේ යාවත්කාලීන වුණ Sticky Notes වල අළුත් features කීපයක් අන්තර්ගත වෙලා තියෙන බව දකින්නට ලැබුණා. අළුත් version එක නිකුත් කරද්දි, කලින් තිබුණ දෝෂ නිවැරදි කරන්නත්, performance වැඩිදියුණු කරන්නත්  සැලකිලිමත් වෙලා තියෙනවා.

Bullet List

අලුතින් එක් වුණු විශේෂාංග ගැන කියනව නම්, කැපී පෙනෙන අංගය වුණේ Bullet List එක. දැන් notes නිර්මාණය කරනකොට bullets විදියට කරුණු ඇතුළත් කරන්න පුළුවන්.

 

New Map view

මේ version 2.0.5.0 එක්ක එකතු වුණ තවත් විශේෂාංගයක් මේක.  කුමක් හෝ ලිපිනයක් පරිගණකයෙන් විවෘත කිරීමේදී අළුත් සිතියම් දසුනක්(map view) හඳුන්වා දීල තියෙනවා. Fall Creators update එක සහිත Windows 10 පරිගණක වලට පමණයි මේ අවස්ථාව උදා වෙන්නේ.

තවමත් Sticky Notes එක්ක වැඩ කරල නැතිනම් අදම උත්සහයක් අරං බලන්න. ඒක හොඳ අත්දැකීමක් වේවි. Sticky Notes ඇප් එක පහත ලින්ක් එකෙන් ගිහින් Microsoft Store එකෙන් ගන්න පුළුවන්.

Microsoft Sticky Notes

Source : https://www.windowscentral.com/microsoft-sticky-notes-adds-support-bullet-lists-new-maps-view-more

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY