Microsoft Edge Browser දැන් Android සහ iOS වලටත්

Microsoft Edge Browser දැන් Android සහ iOS වලටත්

2594
0
SHARE

Microsoft Edge එහෙමත් නැත්නම් Windows 10 browser එක Android හා iOS වලටත් ලබා දෙන බවට පසුගිය ඔක්තෝම්බර් මාසයේදී Microsoft සමාගම නිවේදනය කලා. මෙය නිල වශයෙන් නිකුත් කිරීමට ප්‍රථමයෙන් preview app එකක් වෙළදපොලට හඳුන්වා දීලා මාසයක කාලයක් පුරාවටම clientලාගේ feedback ලබාගත්තා. ඒත් එක්කම පාරිභෝගිකයෝ වැඩි ප්‍රමාණයක් මේක download කරලා browsing experience එක අත්විඳලා තිබුණා වගේම  preview app එක ගැන හොඳ feedback ලබාදීලා තිබුණා. මෙතෙක් කාලයක් පරිගණකයෙන් ලබාගත් අත්දැකීම තමන්ගේ දුරකථනයෙනුත් ලබා ගන්නට කැමති Windows usersලා ඉලක්ක කරගෙන Microsoft ආයතනය පසුගිය නොවැම්බර් 30 වෙනිදා Edge Browser එක Android හා iOS usersලා වෙනුවෙන් නිල වශයෙන් නිකුත් කලා.

iOS භාවිතා කරන ඔබට Apple Store තුලිනුත් Android භාවිතා කරන ඔබට Google Play Store තුලිනුත් දැන් මෙය download කරගත හැකියි. මේ සමඟින් Windows 10 භාවිත කරන පිරිසට දැන් තම දුරකථනය සමඟ තම පරිගණකය synchronize කරගැනීමට පුලුවන්. වැඩ වලදී තම පරිගණකය හා දුරකථනය එකට භාවිතා කරන පිරිසට නම් මෙය විශාල පහසුවක්.

මේ නව හඳුන්වාදීමට ඔබ කලින් Microsoft Edge තුලින් අත්විඳි හුරුපුරුදු features, ඒ කියන්නේ  reading list, e-Books, new tab pages, favorites වගේම roaming password, dark theme වගේ නව features  ටිකකුත් එකතු කරලා තිබෙනවා.

‘Continue on PC’ function එක ඔවුන් කෙලින්ම iOS හා Android වෙත හඳුන්වා දීලා තිබෙනවා. ඔබ phone එකෙන් browse කරමින් සිටින web page එක load කරගන්නට අපහසු වුවහොත්, මෙම ‘Continue On PC’ option එක මහින් කෙලින්ම එම tab එක පරිගණකයෙන් open කර ගැනීමට හැකියි.

එහෙමත් නැත්නම් ඔබ පරිගණකයෙන් යම් page එකක් කියවමින් සිටින විට ඔබට පරිගණකයෙන් බැහැරට යාමට සිදුවෙන අවස්ථාවක් හෝ ඔබ දුරකථනයෙන් යම් page එකක් කියවමින් සිටින විට නැවත එය පරිගණකයෙන්ද පසුවට open කිරීමට අවශ්‍යය නම් මෙම function එක නිසා දැන් ඒ දෙකම පහසුවෙන් කරගැනීමට පුලුවන්.

Source: https://www.theverge.com/2017/11/30/16719234/microsoft-edge-ios-android-download-available

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY