මෙවර Imagine cup තරගාවලිය පැවතුනේ 14 වන වරටයි. Microsoft සමාගම ප්‍රකාශ කරන විදියට, ඔවුන් ඉතා විශාල ආකාරයෙන් student innovations සදහා පසුගිය කාලය පුරාවටම සහය දක්වල තියෙනවා. ඒ නිසාවෙන්ම අද වෙන විට මේ imagine cup තරඟාවලිය නව තාක්ෂනය, ව්‍යාපාර අදහස් මෙන්ම කණ්ඩායම් හැකියාවෙන් යුත් තරුණ developers ලාට අවස්ථාවක් ලබාදෙන සමාගමේ ප්‍රධාන තාක්ෂණික තරඟාවලිය (global technology competition) බවට පත්වෙලා තියෙනවා.
Seattle’s Garfield උසස් පාසලේ Quincy Jones Performing Arts Center හි පැවති 2016 Imagine Cup තරගාවලියේ අවසන් රාත්‍රියේදී, ඉතා විශාල ප්‍රේක්ෂක ජනකායක් ඉදිරියේ රුමේනියාවේ “ENTy” කණ්ඩායම “Imagine Cup 2016 WORLD CHAMPION” නාමය තමන් සතු කරගත්තා. “ENTy ” කණ්ඩායමේ project එක ගැන ඉතාමත් සරලව කියනවනම් , එය සිරුරේ balance එක සහ ඉරියව් (posture) monitor කිරීමේ හැකියාව තියෙන app එකක්. මේ ඉන්නේ team members ලා
- Flavia Oprea
- Iulian-Razvan Matesica
- Cristian Alexandrescu
තරගාවලිය පිලිබඳ ආපසු හැරී බලනවානම්, අවසන් තරගාවලිය සදහා ලෝකය පුරාවෙන් පැමිණි කණ්ඩායම් 35 ක් අභිබවා පළමුව කණ්ඩායම් 9 ක් Games, Innovation සහ World Citizenship අංශ වලින් ඉදිරියට පැමිණියා. ඔවුන්ට පිලිවෙලින් $50,000 , $10,000 , $5,000 බැගින් මුදල් තාග්‍යද හමුවුණා . ඊට පස්සේ පලවෙනි ස්ථානය ලබාගත් කණ්ඩායම් 3 ChampionShip round එකීදී Satya Nadella සමගින් private mentoring session එකකටද සහභාගී උනා.
මොවුන්ගේ innovations
- John Boyega (lead actor from Star Wars: The Force Awakens
- Dr. Jennifer Tang (one-half of the duo that won the 2014 Imagine Cup Championship)
- Kasey Champion (an accomplished software engineer and Computer Science Curriculum Developer at Microsoft)
යන ත්‍රිපුත්ගල විනිසුරු මණ්ඩලයක් මගින් අවසන් වරට විනිශ්චය කෙරුණා.
ඉතින් මේ විදියට තමයි අවසන් ජයග්‍රාහකයන් වුනු රුමේනියාව නියෝජනය කල “ENTy ” කණ්ඩායම Imagine Cup WORLD CHAMPION යන කිරුල හිමිකරගත්තේ.
Source : www.blogs.microsoft.com