Microsoft SurfacePhone එක 2016 වසරතුල නිකුත්වන ලකුණු

Microsoft SurfacePhone එක 2016 වසරතුල නිකුත්වන ලකුණු

2889
1
SHARE

Microsoft සමාඟමෙන් අනර්ඝ තත්වයේ Smart Phone එකක් නිකුත් වන තුරු සියලුදෙනා අවධානයෙන් සිටිනමුත් Lumia 950 හා Lumia 950 XL යන phone දිත්වය එම බලාපොරොත්තුව නිසි ආකාරයෙන් ඉටුවූයේ නැතිබව කිවයුතුය. කෙසේ නමුත් Lumia 950 හා Lumia 950XL ඉතා අනර්ඝ තත්වයේ වූවද එම phone දිත්වයම Nokia සමාඟමේ සම්භවයක් ඇති නිර්මානයන් වේ. නමුත් Microsoft සමාඟම ඉතාමත් වෙනස් ආකාරයේ Smart Phone එකක් නිකුත් කරණුලබන බවට විවිධ කට කතා පැතිරුනු අතර ආරංචි මාර්ග සඳහන් කරන්නේ 2016 වසර ඇතුලත Microsoft සමාඟම විසින් Surface Phone නැමති නවතම Smart Phone එකක් නිකුත් කරනු ලබන බවයි.

Windows Central වෙබ් අඩවිය සඳහන් කරන පරිදි Microsoft සමාඟම හා Intel සමාඟම ඒකාබද්දව Smart Phone එකක් නිකුත් කිරීමට සැලසුම් කල අතර එම වෑයම දැන් නවතා දමා ඇතිබවත් Microsoft සමාඟමේ Surface කණ්ඩායම නවතම Smart Phone එකක් සඳහා කටයුතු කරන බවත් එහි නම ‘Panos’s Phone’ ලෙස දැනට නම් කර ඇති අතර ඒ නම Microsoft සමාඟමේ Surface කණ්ඩායමේ ප්‍රධානී Panos Panayගේ නමෙහි කොටසක් එකතු කර නම් කර ඇත. කෙසේවෙතත් මෙහි code නාමය වන්නේ  ‘NorthStar’ය.

මේ ‘Panos’s Phone’ නැමති smart දුරකතනය surface පරිගණකයක හැඩයට බෙහෙවින් සමාවන වන අයුරින් නිර්මාණයක කරනු ලබන බව බොහෝ විට පැවසිය හැකිය. මේ ‘Panos’s Phone’ එක 2016 වර්ෂයේ අගෝස්තු මස නිකුත් කරණු ඇති බවට පැවසේ.

Neowin ඇසුරිනි.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY