ළඟදීම Microsoft සමාගම විසින් අධ්‍යාපනික කටයුතු සඳහාම සහ ලොව පුරා පංති කාමර වල භාවිතයට ගැනීමේ අරමුණින් Minecraft education සංස්කරණයක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටිනවා.
Computer game Players ලාට තමන්ගේම ලෝකයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදෙන game එකක් විදිහට පසුගිය අවුරුදු කිහිපය පුරාවට ප්‍රසිද්ධ වූ game එකක් විදිහට Minecraft game එක කියන්න පුළුවන්.
ඒ වගේම ඉගැන්වීමේ මෙවලමක් විදිහට Minecraft භාවිතාකිරීම ගැනත් තවත් අයගේ හිත යොමුවුනා.
ඒ විදිහට තමයි MinecraftEdu ලෝකෙට බිහිවුනේ.මේ වෙනකොටත් MinecraftEdu සියගණනක් තරම් පංතිකාමර වල ඉගැන්වීමේ මෙවලමක් භාවිතා වෙනවා.
ඒ වගේම සිසුන් සඳහා වාස්තු විද්‍යාව, භෞතික විද්‍යාව ඒවගේම Coding උගන්වනවා . Minecraft Education Edition එක ජූනි-අගෝස්තු කාලය ඇතුලත නිකුත් කරන්නයි බලාපොරොත්තුවෙන් සිටින්නේ. දැනට MinecraftEdu Users ලා හට පළමු අවුරුද්ද නොමිලේ ලබාදෙන්නත් තීරණය කරලා තියෙනවා.තවමත් මෙම පළමු අවුරුද්දෙන් පසුව කාලය තුල කළ යුතු ගෙවීම පිළිබඳ කිසිඳු සඳහනක් කරලා නැහැ.
[…] Minecraft හි අධ්‍යාපනික සංස්කරණය ළඟදීම […]