Imagine Cup 2016 සඳහා ලියාපදිංචි වී ව්‍යාපෘති යෝජනා යොමු කරන්නේ මෙහෙමයි.

Imagine Cup 2016 සඳහා ලියාපදිංචි වී ව්‍යාපෘති යෝජනා යොමු කරන්නේ මෙහෙමයි.

9584
2
SHARE

Imagine Cup 2016 තරගයෙහි සියලු තරඟ කාණ්ඩයන් සහ ඒවා සඳහා සභාගීවීමට අවශ්‍යවන සුදුසුකම් පිළිබඳව මීට පෙර ලිපියෙන් අප ඔබව දැනුවත් කරනු ලැබූවා. බහුතරයක් සඳහා ඇතිවූ ගැටලුවක් තමා කොහොමද මේ සඳහා ලියාපදිංචි වෙන්නේ, ඊට පස්සේ කොහොමද ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කරන්නේ කියලා. ඉතින් මේ සූදානම ඔබ සහ ඔබගේ කණ්ඩායම ලියාපදිංචි කරන ආකාරය සහ ඔබගේ ව්‍යාපෘති යෝජනාව යොමුකරන ආකාරය පිළිබඳව පියවරෙන් පියවර හඳුන්වා දෙන්නටයි.

1. www.imaginecup.com වෙතට යන්න.

2. “Register or Signup” මත ක්ලික් කරන්න.

Screenshot (75)

3. ඔබේ Microsoft ගිණුමට ඇතුලු වෙන්න.

Screenshot (76)

4. “Dashboard” මත ක්ලික් කරන්න.

5. ඔයාගේ තොරතුරු වලින් මෙය පුරවන්න. යොමු කරන්න.

Screenshot (77)

6. Team එකක් සකස් කරන්න. Team එකේ නම ඇතුලත් කරලා යොමු කරන්න.

Screenshot (79)

7. Team එකේ තොරතුරු වලින් මෙයත් සම්පූර්ණ කරලා යොමු කරන්න.

Screenshot (80)

8. දැන් ඔයාට පුළුවන් ඔයාගේ කණ්ඩායමට සාමාජිකයන් ඇතුලත් කරන්න. ඒ සඳහා සියලුම සාමාජිකයන් www.imaginecup.com හි ලියාපදිංචි වී සිටිය යුතුමයි.

9. Dashboard එකට ගිහිල්ලා ඔයාගේ Team එක යටතේ ඇති “Manage” යන්න ක්ලික් කරන්න.

Screenshot (81)

10. ඔයාගේ කණ්ඩායමේ සාමාජිකයන් www.imaginecup.com තුල ලියාපදිංචි වී ඇති විද්‍යුත් තැපෑල ලිපින මෙහි ඇතුලත් කරන්න. යොමු කරන්න. දැන් ඔයාගේ සාමාජිකයන්ට විද්‍යුත් තැපෑල හරහා ලැබෙන invitation එක පිලිගන්නටයි තිබෙන්නේ. එවිට ඒ සාමාජිකයන් ඔබේ කණ්ඩායමට ඇතුලත් වෙවී.

11. “Contests” යටතේ තරඟ කාණ්ඩ දැක්වෙනවා.

12. Games,Innovation සහ World Citizenship යන කාණ්ඩ වලින් ඔයාගේ අදහසට ගැලපෙන කාණ්ඩය තෝරලා ඒ උඩ ක්ලික් කරන්න.

Screenshot (83)

13. “Register Now” යන්න ක්ලික් කරන්න.

Screenshot (84)

14. දැන් ඔයා තරඟයට ලියාපදිංචි වෙලා ඉන්නේ. දැන් ව්‍යාපෘති යෝජනාව යොමු කරන ආකාරය බලමු.

ව්‍යාපෘති යෝජනාව යොමු කරන අයුරු

මේ සඳහා ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ නිර්මාණයට ගැලපෙන කාණ්ඩයට අදාළ ව්‍යාපෘති යෝජනා (Project Proposal Template) ආකෘතිය Download කරගෙන සම්පූර්ණ කරලා wellip[at]microsoft.com කියන ලිපිනයට විද්‍යුත් ලිපියක් ආධාරයෙන් යොමු කිරීම පමණයි. ඒ වගේම email subject එක “IC2016_<Category>_<Team Name>_<Project Name>” ලෙසට යොදන්නට අමතක කරන්න එපා. (මෙහි <Category> යන ස්ථානයට ඔබ තරග වැදීමට අපේක්ෂාකරන කාණ්ඩයද <Team Name> යන ස්ථානයට කණ්ඩායමේ නම හා <Project Name> යන ස්ථානයට  ව්‍යාපෘතියේ නමද යොදන්න)

උදාහරණයක් ලෙස :

මා තරඟ කිරීමට අදහස් කරනු ලබන්නේ Games කාණ්ඩයට යැයි සිතමු. මාගේ කණ්ඩායමේ නම Team Code Hawks හා මාගේ ව්‍යාපෘතියේ නම ApiGoGo යැයි සිතමු.

පහත අයුරින් ඔබට ඔබේ ව්‍යාපෘති යෝජනාව යොමුකල හැක…

Untitled-1

අදාල ව්‍යාපෘති යෝජනා ආකෘතිය පහතින් Download කරගන්න.

Games කාණ්ඩය : Download
Innovation කාණ්ඩය : Download
World Citizenship කාණ්ඩය : Download

 

Comments

comments