PC සහ Mac සඳහා Minecraft පිටපත් මිලියන 25ක්…

PC සහ Mac සඳහා Minecraft පිටපත් මිලියන 25ක්…

1833
0
SHARE

Minecraft කියන්නේ කෙටි කාලයකින් ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වුන පරිගණක ක්‍රීඩාවක්. Markus Persson විසින් නිර්මාණය කරපු Minecraft, 2011 වර්ෂයේදී Mojang සමාගම විසින් පරිගණක ක්‍රීඩාවක් ලෙස මුල්වරට එළිදක්වනු ලැබුවා.

එදා සිට අද දක්වා සුහද ප්‍රතිචාර ලබමින් Minecraft බොහෝ දෙනෙක්ගේ ප්‍රසාදයට පත් වී තියෙනවා. කෙටි කාලයකින් ලබපු මේ ජයග්‍රහණය නිසා, ඔවුන්ට වාණිජමය වශයෙන් සාර්ථක වීමට හැකි වුනා. 2014 වර්ෂයේදී Microsoft සමාගම විසින් ඩොලර් බිලියන 2.5කට Mojang මිලිදී ගන්නත් මෙය හේතුවක් වුනා.

මේ වනවිට සාමාන්‍ය පරිගණක සහ Mac සඳහා , Minecraft පිටපත් මිලියන 25ක් විකුණා අවසන්.

Mojang වෙබ් අඩවියේ නවතම සංඛ්‍යා ලේඛන වලට අනුව,දල වශයෙන් පිටපත් 25,072,545ක් විකුණා ඇති බවයි සඳහන් වෙන්නේ. මීට මාස 06කට පෙරදී සමාගම සියලුම platform සඳහා මිලියන 100 යේ විකුණුම් ඉලක්කය පසු කරනු ලැබුවා. මෙයින් අපිට පෙනෙන්නේ පරිගණක ක්‍රීඩාවක් වශයෙන් Minecraft කෙටි කාලයක් තුලදී සුවිශේෂී සාර්ථකත්වයක් ලබා ඇති බවයි.

පසුගිය අවුරුදු 5 තුල , iOS, Xbox 360, Xbox One, PlayStation 3, PlayStation 4, PlayStation Vita, Raspberry Pi, Gear VR, Apple TV වගේ platform ගනනාවක් සඳහා මෙය නිකුත් වුනා. Microsoft සමාගම Mojang මිළදී ගැනීමත් සමඟ Windows දුරකථන සහ Windows 10 සඳහාත් Minecraft ඇතුළත් කරා. ඒ වගේම, එය HoloLens භාවිතයෙන් පවා ක්‍රීඩා කළහැකි බව ප්‍රදර්ශනය කෙරුනා. Telltale Games සමඟ එක්ව Minecraft: Story Mode නිකුත් කිරීමටත් ඔවුන්ට හැකියාව ලැබුනා. හැබැයි එය මධ්‍යස්ථ සාර්ථකත්වයක් ලද ව්‍යාපෘතියක්.

ඒ විතරක් නෙවේ, මෙය මත පදනම් වූ චිත්‍රපටියක් හා නවකතාවක් පවා එලි දැක්වීමට ඔවුන් සුදානමින් සිටිනවා.

Minecraft නිරන්තරයෙන් මතභේදයන්ට ලක්වුනු ක්‍රීඩාවක්. මෙහි නිර්මාතෘ වුන Markus “Notch” Persson, Windows 8 ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කිරීම විශාල පෙරලියක් ඇති කරා . ඒ වගේම, 2104 දී ඇමෙරිකානු පරිගණක ක්‍රීඩාකරන්නන් පිරිසක් විසින් Denmark හි Minecraft අනුරුවට කරනලද ප්‍රහාරය සහ කුඩා ළමුන්ට නුසුදුසු ප්‍රචණ්ඩ ක්‍රීඩාවක් ලෙස තුරිකි රජය විසින් Minecraft තහනමකට ලක් කිරීම මෙසේ මතභේදයන් ඇති වන්නට හේතු වුනා.

source : Neowin

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY