අසා ලියන Dictate app එක

අසා ලියන Dictate app එක

2289
0
SHARE

පොඩි කාලේ ඔයාල ඕනේ තරම් අසා ලිවීම් ලියල ඇතිනේ. ඉතින් Microsoft ආයතනයේත් නව හදුන්වාදීමක් තමයි මේ අසා ලියන්නා. Microsoft ආයතනය මේ app එක Dictate කියල තමයි හදුන්වල දීල තියෙන්නේ. ඇත්තටම මේ අලුත් app එක හරියට typist කෙනෙක් වගේ. අපිට type කිරීමට අවශ්‍ය දෙය Dictate විසින් type කරලා දෙනවා. අපිට කරන්න තියෙන්නේ type කරන්න තියෙන දෙය කියවන එක විතරයි. ඇත්තටම මේක අපිට ඉතා ප්‍රයෝජනවත් app එකක්. ඔයා හිතන්න අපේ typing speed එක අඩුනම් පිටු ගණනාවක් type කරන්න කොච්චර කාලයක් යයිද? අන්න ඒ වගේ අපහසුතා මගහැරීමට මේක ඉතා වටිනා app එකක් කියන්න පුළුවන්. Dictate භාෂා 20 කට වඩා Support කරනවා. ඒ වගේම real-time text translation එක භාෂා 60 කට වඩා වැඩි. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඔයා English වලින් කියවන එකක් Dictate ට පුළුවන් French වලට එවෙලේම translate කරගන්න. ඉතින් එහෙම බලනකොට Dictate විසින් typist වැඩේ වගේම translator කෙනෙක්ගේ වැඩෙත් සිදුකරනවා.

Dictate app එක පාවිච්චි කරනවා කියන්නේ අපේ time එක අපිට save කරගන්න පුළුවන් කියන එක. ඔයාලම හිතල බලන්න අපි කියවන වචනේ Dictate type කරනවා කියන්නේ අපිට වෙන වැඩක් කරන ගමන් උනත් type කරන්න පුළුවන් කියන එක. ඇත්තටම Dictate app එක use කරනවානම් keyboard එක පාවිච්චි කිරීමට අවශ්‍ය වෙන්නෙම නෑ.

ඔයාලට Dictate ගෙන් Microsoft Office package එකේ තියෙන  Outlook, Word and PowerPoint වලට වැඩ ගන්න පුළුවන්. Dictate වලින් වැඩ ගන්න Microsoft ආයතනය විසින් අපේ PC එකේ Minimum system requirements ටිකක් දීල තියෙනවා (OS: Windows 8.1 or later, Office 2013 or later, .Net Framework 4.5.0 or later.). ඉතින් ඔයාගේ PC එකේ මේ Minimum system requirements ටික සම්පුර්ණ වෙලා තියෙනවනම් ඔයාලටත් Dictate ව මේ link එකට ගිහිල්ල free download කරගන්න පුළුවන්.

Source: https://www.theverge.com/2017/6/20/15841046/microsoft-dictate-app-office-word-powerpoint-outlook

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY