Microsoft විසින් අළුතින්ම හඳුන්වාදෙන Arc mouse සහ Modern mouse

Microsoft විසින් අළුතින්ම හඳුන්වාදෙන Arc mouse සහ Modern mouse

2418
0
SHARE

Microsoft විසින් අළුතින්ම හඳුන්වා දීපු mouse එකක් තමයි Surface arc mouse එක කියන්නෙ. ගිය මැයි මාසේ අළුත්ම Surface laptop එකත් එක්ක තමා මේ mouse එක හඳුන්වා දෙන්නෙ.

Microsoft ලට අනුව නම් මේ mouse එක “සිහින්, සැහැල්ලු සහ ගමන් කිරීමට සුදානම්” mouse එකක්. ඇයි මේ ගමන් කිරීමට සුදානම් mouse එකක් කියලා කියන්නෙ. මේ mouse එක ඔබ ගමනක යෙදෙන විට ඔබගේ ගමන් බෑගයේ හෝ සාක්කුවේ පහසුවෙන් දමාගෙන යාහැකි flat shape එකකට සකසා ගන්නත් නැවත භාවිත කරන විට සුපුරුදු curve shape එකට සකසා ගන්නත් පුළුවන්. Mouse එක flat shape එකේ තියෙන වෙලාවට power down වෙලා තියෙන නිසා battery life එකත් ඉතුරු වෙනවා.

මේ mouse එකට left සහ right click button දෙකක් තියෙනවා. ඒ වගේම touch sensitive scroll pane එකකුත් තියෙන නිසා උඩට පහළට වගේම වමට දකුණටත් scroll කරන්න පුළුවන්. මේ mouse එක device එකක් සමග සම්බන්ධ වෙන්නේ Bluetooth 4.0 හරහා. Surface arc mouse එක Surface laptop වල වර්ණයන්ට ගැලපෙන විදියට Burgundy, Light gray සහ Cobalt blue කියන වර්ණ තුනෙන් $79.99 වගේ මිලකට තමා වෙළදපොළට නිකුත් කරලා තියෙන්නේ.

Microsoft සමාගම තමන්ගේ නිෂ්පාදන හඳුන්වාදීමේදී ව්‍යාකූල තත්වයක් පෙන්වනවා. මම මෙහෙම කියන්නෙ ළගදී ඔවුන් එක හා සමාන mouse දෙකක් වෙනස් නම් දෙකකින් වෙළදපොළට නිකුත්කර ඇති නිසා. Microsoft surface mouse එක සහ Microsoft modern mouse එක තමයි ඔවුන් මේ විදියට වෙළදපොළට හඳුන්වාදීලා තියෙන්නෙ. Surface mouse එක මුලින්ම හඳුන්වා දෙන්නේ Microsoft surface all-in-one PC එකත් එක්ක. වගේම Modern mouse එක හඳුන්වා දෙන්නේ fingerprint ID එකත් එක්ක එන Modern keyboard එක සමග. නමුත් මේ mouse දෙකම $49.99 වගේ මුදලකට වෙනම මිලදී ගන්න පුළුවන්.

මේ mouse දෙකේ පෙනුමෙ නම් කිසිම වෙනසක් දකින්නට නැහැ. මිලත් සමානයි. අඩුතරමේ වර්ණයේවත් වෙනසක් නැහැ. ඒ වගේම තාක්ෂණික වශයෙනුත් මේ mouse දෙක අතර වෙනසක් දකින්නට නැහැ. නමුත් මේ නිෂ්පාදන හඳුන්වාදීමේදි Microsoft සමාගම Surface mouse එක ගැන විශේෂ සදහනක් කරනවා. ඔවුන් කියනවා මේ mouse එක ඉතා සියුම් ලෙස නිර්මාණය කරනලද්දක් කියලා. නමුත් Modern mouse එක ගැන එවැනි සදහනක් ඔවුන් කරන්නේ නැහැ.

මේ mouse මිලදී ගැනීමේ පහසුකම් නම් දැනට තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය තුල පමණයි. නමුත් තැපැල් මාර්ගයෙන් ගෙන්වා ගැනීමට නම් පහසුකම් තියෙනවා.

Source:https://www.neowin.net/news/the-new-microsoft-arc-mouse-and-modern-mouse-are-now-available-to-buy-in-the-us

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY