OneNote දැන් iPad එකේ ඇති FiftyThree සමාගමේ Pencil සහ Paper වෙත සහය...

OneNote දැන් iPad එකේ ඇති FiftyThree සමාගමේ Pencil සහ Paper වෙත සහය දක්වයි

2111
0
SHARE

OneNote යනු Windows පාරිභෝගිකයන්ට අලුත් අත්දැකීමක් නොවන අතර එය තමාගේ එදිනෙදා කටයුතු පහසු කරන්නකි. දැන් ඒ අගනා අත්දැකීම iPad පාරිභෝගිකයන්ටත් ලබාගැනීමට අවස්ථාව එළඹ තිබෙනවා. ඒ නව සමාගමක් වන FiftyThree හි Pencil stylus 1ක සහ Paper app 1ක OneNote වෙත සහය දැක්වීම සමගිනි.

onenote-partners-with-fiftythree-2-2_story

Pencil & Paper මගින් සටහන් කරගැනීම, චිත්‍ර ඇඳීම සහ පින්තූරවල සටහන් කරගැනීම වැනි දෑ කල හැක. OneNote සමග පවතින සහයෝගීතාව හේතුවෙන් Pencil වෙත Surface Preasure, Erase, Blend සහ Palm Rejection වැනි අගනා විශේෂාංග හිමිවන්නේ Apple හි පවතින stylus 1කට නොදෙවෙනි ලෙසය.

තවදුරටත් එමගින් ඔබ විසින් Paper app 1කේ සඳහන් කල අදහස්, සටහන් සහ චිත්‍ර, කෙලින්ම OneNote වෙත export කල හැක. එමගින් ඔබ සතු සියලුම devices වලින් ඒවා නැරඹීමට අවස්ථාව උදාවේ. තවද OneNote කණ්ඩායම, මෙම අවස්ථාවේ බොහෝ දෙනාගේ ඉල්ලීමක් වූ Ink Shape Recognition හෙවත් හැඩතල හඳුනාගැනීමේ විශේෂාංගය, iPad, iPad Pro සහ Windows 10 වෙත ලඟදීම ලබාදීමට කටයුතු කරන බවට සතුටින් දන්වා සිටී. එමගින් ඔබ විසින් අඳින ලද මූලික හැඩතල(basic hand-drawn shapes), සර්වසම්පූර්ණ ඒවා බවට පත් කරයි. එය flowcharts වැනි නිර්මණාත්මක සටහන් නිර්මාණයේදී වඩාත් ප්‍රයෝජනවත් වන අතර, චතුරස්‍ර, පංචස්‍ර හා ෂඩස්‍ර වැනි සංකීර්ණ හැඩයන් නිර්මාණයටද යොදාගත හැක.

onenote-ink-shape-recognition_story

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY