Windows 10 හි updates Torrents හි Peer-to-peer තාක්ෂණයෙන්

Windows 10 හි updates Torrents හි Peer-to-peer තාක්ෂණයෙන්

2144
0
SHARE

ඉදිරියේදී නිකුත් වීමට නියමිත Microsoft සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය සමග හදුන්වා දෙන නවතන අංග පසු ගිය කාලය පුරාවට අහන්න ලැබුනා. අවසාන version එක නිකුත් වන්නටත් තව වැඩි කාලයක් නැහැ. පසු ගිය සතියේ අපට අහන්න ලැබුනා build 10031 සමග පැමිණි නව translucent Start Menu අංගය. Cortana integration, Spartan browser සහ Continuum විශේෂාංගයයට පසුව අහන්න ලැබුන නවතම හදුන්වා දීම පිලිබදවයි අද කතා කරන්නේ.

ඒ තමයි Verge වෙබ් අඩවිය වාර්තා කල ආකාරයට Microsoft සමාගම Windows 10 සදහා වූ updates, peer-to-peer තාක්ෂණය යොදා ගෙන විසුරුවා හැරීම.(peer-to-peer protocol එකක් යොදා ගෙන) නමුත් අද වෙනකන් Microsoft සමාගම තම updates නිකුත් කලේ single source එකක් යොදා ගෙනයි.

Peer-to-peer තාක්ෂණය මධ්‍යගත වුන ක්‍රමවේදයක් නොවෙයි. එහිදී සෑම කෙනෙක්ටම Data sending හා receiving හැකියාව තිබෙනවා. සාමාන්‍යය server-client model එකේදී client system එක server එකෙන් request කල විට server එක එය ඉටු කර දෙනවා. නමුත් P2P හිදී සෑම සහභාගිකයෙක්ම server එකක සහ client සතු ක්‍රියාවලිය සිදු කරනවා. Torrents දැනටමත් මෙම P2P protocol එක යොදා ගන්නවා.(seeds සහ leechers)

මේ Peer-to-peer updating system එක පරිශීලකයාට අවශ්‍යය නම් පමණක් යොදා ගන්න පුළුවන්. නමුත් P2P යොදා ගතහොත් ඔබට modes දෙකකින් updates ලබා ගන්න පුළුවන්. එනම්,
තම local network එකෙහි වූ අනෙකුත් PC වෙතින් හෝ
තම local network එකෙහි වූ PC වෙතින් හෝ web එකෙහි වූ අනෙකුත් PC වෙතින්.

peer-to-peer-p2p-updates-microsoft-windows-10

මේ peer-to-peer update system එක යොදා ගැනීම නිසා නිතරම මෙහෙයුම් පද්ධතිය සදහා updates ලැබේවි. දැනට සියලුම PC, updates ලබා ගන්නේ Microsoft severs හරහායි. එබැවින් එහි කාර්යක්ෂමතාවය මදක් අඩුයි. කෙසේ වෙතත් මෘදුකාංග ලොව දැවැන්තයා දැනට නිල නිවේදනයක් නිකුත් කර නැහැ මේ සම්බන්ධව. නමුත් ඉදිරියේදී එන Preview versions හරහා මෙය පැමිණෙනු ඇතැයි විශ්වාස කරනවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY