Videocon සමාගම Microsoft සමග එක්ව ලොව ප්‍රථම Windows 10 රූපවාහිනිය නිර්මාණය කරයි

Videocon සමාගම Microsoft සමග එක්ව ලොව ප්‍රථම Windows 10 රූපවාහිනිය නිර්මාණය කරයි

2100
0
SHARE

Microsoft සමාගමේ අලුත් පුවත් සැමදා එසැනින් ගෙන එන Windows Geek වෙතින් මෙවර ඔබ වෙත තිලිණ කරන්නේ Microsoft සමාගමේ නැවුම්ම අත්දැකීම වන Windows 10 රූපවාහිනිය පිළිබඳ පුවතයි.

Videocon සමාගම, Microsoft සහයෝගීත්වයෙන් ලොව ප්‍රථම hybrid Windows 10 LED රූපවාහිනියක් නිර්මාණය කොට තිබෙනවා. එය වර්ග දෙකකින් සමන්විත වන අතර, අඟල් 32 ඇ.ඩොලර් 610 ක් සහ අඟල් 40 ඇ.ඩොලර් 810 ක් ලෙස මිල කොට ඇත.

full-HD(1920×1080) තිරයක් සහිත මෙම smart TV 1ක, “One Touch PC, One Touch TV” ලෙස නම් කොට ඇත. එහි විශේෂාංග ලෙස 2GB RAM, 16GB සිට 128GB දක්වා microSD මගින් දිගු කල හැකි ධාරිතාව, connectivity සඳහා HDMI ports සහ Wi-Fi සබඳතාව දැක්විය හැකිය.

මෙහි ඇතුලත් software ලෙස Windows 10 සහ Microsoft Office සඳහන් කල හැකිය. Videocon සමාගම පවසන්නේ මෙමගින් පාරිභෝගිකයන්ට පරිගණකය හා සාම්ප්‍රදායික රූපවාහිනියක් අතර පහසුවෙන් හුවමාරු විය හැකි බවයි.

තවද එම සමාගමට පවසන්නේ මෙම රූපවාහිනි ඒකක සෑහීමකට පත්වන ප්‍රමාණයක් අලෙවි වුවහොත් වෙනත් තිර ප්‍රමාණ වලින් සමන්විත රූපවාහිනිද නිකුත් කරන බවයි.

මෙම රූපවාහිනිය හඳුන්වාදීම සම්බන්ධයෙන් Videoconහි Technology and Innovation ප්‍රධානී Akshay Dhoot පැවසූයේ, මෙම වෙනස් වන යුගයේ තම පාරිභෝගිකයන්ගේ පහසුව තකා ලොව ප්‍රථම hybrid TV cum PC නිර්මාණය කිරීමට අදහස් කල බවත් පාරිභෝගිකයන් අතර ජනප්‍රිය අඟල් 32 හා 40 නිකුත් කල නමුත් ඉල්ලුම අනුව අඟල් 55,65 සහ 24 නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය. තවද හවුල්කරුවන් වන Microsoft සමාගමට මෙම නව වෙළඳපොල වෙත අවතීර්ණ වීමට උදව් කිරීම තම අභිප්‍රාය වන එමගින් අතර තම පාරිභෝගිකයන් වෙත නව උපාංග හඳුන්වාදීමට හැකියාව උදාවනු ඇති බවත් තවදුරටත් ඔහු පැවසුවේය.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY