Visual Studio 2015 සදහා පළමු update එක release වෙයි.

Visual Studio 2015 සදහා පළමු update එක release වෙයි.

2238
0
SHARE

Visual studio 2015 launch කරලා මාස 3 කට විතර පස්සේ release කරපු පළමු වෙනි update එක දැන් ඔබට ISO file එකක් ලෙස download කරගෙන install කරගන්න පුළුවන්. කොහොම වූනත් මෙම update එකට අදාළ web installer එක නම් තවම release කරලා නැහැ.

Update මගින් “Go To Implementation” වැනි ඉක්මනින් අවශ්‍ය වන options right-click menu එකට එකතු කරලා තියෙනවා. තව key board short cuts, NuGet හරහා DirectX extensions, spell checking වැඩිදියුණු කිරීම්, Codova 5.3.1 සඳහා සහය දැක්වීම, Azure Active Directory authentication සදහා plugins ද එකතු කරලා තියෙනවා.

 

 

මීට අමතරව .NET Native, the XAML designer, the manifest designer, Windows Store packaging ආදී tools සහ features කාර්ය පහසු කරන විදියට update කරලා තියෙනවා.

අලුතෙන් release කරපු update එක මගින් වැඩිදියුණු කර ඇති features :

අනෙකුත් වෙනස්කම්

මෙම update එකේ ඇති සමහරක් tool සඳහා licence ලබා ගැනීමේ ඇතිව තිබෙන සුළු ප්‍රශ්ණයක් හේතුවෙන්, ඔබ Visual Studio වල Android Emulator එක සහ Microsoft Test Manager යන features භාවිතා කරන්නේනම්, මෙම Update එක මදකට මගහැර සිටින්න.

Visual Studio 2015 update එක මෙතනින් download කරගන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY