Windows 10 වල eye tracking ටෙස්ට් කරමුද?

Windows 10 වල eye tracking ටෙස්ට් කරමුද?

3483
0
SHARE

අද කියන්න යන්නේ Microsoft කට්ටියගෙ අලුත් වැඩක් ගැන. Microsoft කට්ටිය තීරණය කරලා තියෙනවා, Eye tracking feature එක Windows 10 වලට ලබා දෙන්න. මේක අපි වගේ සාමාන්‍ය අය වෙනුවෙන්ම කෙරුණු නිර්මාණයක් නෙමෙයි. මෙයාලගේ target එක වුනේ disabilities තියෙන අයට මේක උදව්වක් වේවි කියන දේ.

අවසන් වතාවට නිකුත් වුනු Windows 10 Insider Preview Build 16257 දී තමයි මේ ගැන ඔවුන් කියල තියෙන්නේ. ඔවුන් ඇත්තටම මේ එවල තිබෙන්නේ beta version එකක්. ඒ කියන්නේ තාමත් මේක තිබෙන්නේ පරීක්ශන මට්ටමේ. ඔබටත් මේ eye control අත්දැකීමට මුහුණ දෙන්න ආසයි නම් ඔබ සතුව compatible eye tracker එකක් තිබීමට අවශ්‍යයි. මේ සදහා ඔවුන් recommend කරනවා  Tobii eye tracker 4C  පාවිච්චි කරන්න කියලා. Tobii eye tracker 4C කියන්නේ තවත් විදිහකට කියනවනම් ඔබේ පරිගණකයේ වෙනස් විදියකට සමාජ ගත වීමක්. ඇසේ චලන පාවිච්චියෙන් වැඩ කරන්න පාවිච්චි කරන මේ උපාංගය බොහෝදුරට gaming වලට පාවිච්චි කරන්න පුළුවන්. මේ උපාංගය බොහෝ ක්‍රීඩා වලට support කරන්නේ නැති උනත් Mankind Divided ,Watch Dogs 2,Elite Dangerous වගේ ප්‍රසිද්ධ ක්‍රීඩා වල මේ eye tracking device එක use කරන්න පුළුවන්. මේක පාවිච්චි කරද්දී මුලින්ම බලන්න ඔබ නිවැරදිවම eye tracker device එක ඔබේ PC එකට සවි කරලද තියෙන්නේ කියන දේ. update එක මගින් automatically අදාල softwares install වේවි.

ඔබ eye control, turn on කල විගස launchpad එක තිරය මත දිස් වේවි. මේ මගින් ඔබට mouse, keyboard, text-to-speech හා UI reposition කරන්නත් හැකියාව ලැබෙනවා.

mouse එක control කරන්න අවශ්‍යයි නම් launchpad එකෙන් mouse එක select කරලා ඔබේ ඇස් චලනය කිරීමෙන් ඔබටම ඒ අත්දැකීම විදින්න පුළුවන්.

Eye control keyboard එක පාවිච්චි කරන කොට keyboard එක launchpad එක select කරලා dwell කරන්න ඔබට ඕනේ characters මත. numbers, symbols වගේ ඕනේ දෙයක් මේකේ type කරන්න පුළුවන්. දැනට මේක support කරන්නේ EN-US keyboard එකට විතරයි. පස්සේ සිංහල එහෙමත් ඔබේ ඇස දෙකෙන්ම type කරගන්න පුළුවන් වේවි.:D

තවමත් යන්නේ beta version එක නිසා සුළු අඩුපාඩු කිහිපයක් තිබෙනවා ඒ ගැනත් ඔබව දැනුවත් කරන්න කැමතියි.

  • Eye tracking, direct sunlight  එකත් එක්ක හොදින්ම වැඩ කරන්නේ නැහැ.ඔබට වැඩ කරන්න වෙනස් lightning condition එකකට යන්නට සිදුවේවි.
  • ඔබ device calibration කරන වෙලාවේදී launchpad එක විසින් Tobii UI තාවකාලිකව block කිරීමක් කරනවා. මේ ප්‍රශ්නයත් එක්ක ගනු දෙනු කරන්නනම් calibration අතරතුර Eye control, turn off කරලා වැඩ ඉවර උනාට පස්සේ නැවත on කරන්න.
  • shape-writing කියන feature එක stuck වීමට ඉඩ තිබෙනවා. off කර on කිරීමෙන් මේක හදාගන්න පුළුවන්.

තම මේ Eye Control වැඩ කරන්නේ Tobii hardware එක්ක විතරයි.ඔවුන් තාමත් වෙනත් අලෙවි නියෝජිතයන් සොයාගන්න කටයුතු කරන ගමන් ඉන්නේ. මේ සුළු අඩුපාඩු වලින් ඔබේ අලුත් අත්දැකීමට කිසිම බාධාවක් වෙන්නේ නෑ කියලා  විශ්වසෙන්ම කියන්න පුළුවන්. ඔබත් උත්සහ කරන්න ඇස පාවිච්චි කරලා පරිගණකයෙන් වැඩ කරන්න.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY