මසක් තුල Windows 10 ලෝකයේ OS market එකෙන් 5.21% අත්පත් ගනී

මසක් තුල Windows 10 ලෝකයේ OS market එකෙන් 5.21% අත්පත් ගනී

2291
0
SHARE

2015 වේ ජුලි 29 වෙනිදා නිල වශයෙන් නිකුත් වුන Windows 10, අගෝස්තු 29 වන දිනයෙන් අවසන් වුන මාසයක කාලය තුල ලොව පුරා ඇති මෙහෙයුම් පද්ධති අතරින් 5.21% ක කොටසක් තමන් සතු කරගෙන තියෙනවා. පසුගිය දවසක මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ Net Applications කියන research firm එක විසින් තමයි.

ජුලි මාසය අවසන් වන විටත් 0.39% අගයේ තිබුන Windows 10 අද දවස වන විට එහි වාර්තා වලට අනුව සියලුම Mac versions සහ Linux version පරදවා ඉහලට පැමිණ තිබෙනවා.


කෙසේ වෙතත්  windows 7 තවමත් (57.67%) පළමු වන ස්ථානයේ සිටිනවා. ජුලි මාසයේදී 60.73% ක් ව තිබුන එම අගය විශාල වශයෙන් පහත බැස තිබෙනවා. තවද දෙවන ස්ථානයේ තිබෙන windows XP සහ තුන් වන ස්ථානයේ තියෙන windows 8.1 සුළු වශයෙන් පහත ගොස් තිබෙනවා. මේ සියල්ල මගින් පැහැදිලි වෙන එක දෙයක් තමයි බොහෝ windows පාරිභෝගිකයන් windows 10 වලට මාරු වෙලා තියෙනවා කියන එක.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY