ඔබට මතක ඇති Windows Geek අපි වරින් වර Windows 10 Mobile Insider Preview Builds ගැන නොයෙක් තොරතුරු ඔබ වෙත ගෙනාවා. ඉතිං ඔන්න මෙම වසරේ PC සඳහා preview builds නිකුත් කලත් අවුරුද්ද තුල පලමු Mobile Insider Preview එක නිකුත් වුනේ මීට දින කිහිපයකට කලින්. ඒ fast ring එකක් ලෙස. Windows 10 සමඟ ආ mobiles(Lumia 950, 950 XL, 650, 550, Xiaomi Mi4) සඳහා මෙය භාවිතා කල හැකි අතර ඉදිරියේදි අනෙක් devices වලටද Windows 10 නිකුත් කරන බව Microsoft සමාගම පවසයි.
මොනවද අළුතින් එකතු වුනේ?
Search for music easier in Cortana:Cortanaගේ ඉහළ දකුණු පස ඇති music search button එක tap කල විට ඒ මොහොතේ වාදනය වන සංගීතයට ඇහුම්කන් දී එය search කරයි.
Word Flow now works in the address bar in Microsoft Edge on your phone:ඔබේ දුරකථනයේ Microsoft Edge address bar එක මත shape writing පහසුකම නැවත සලසා ඇත.
Open InPrivate tabs more easily in Microsoft Edge on your phone: Private Browsing යනු Microsoft සමාගම දැඩි ලෙස අවධානය යොමු කරන කාරණයක්. Edge බ්‍රව්සරය Windows 10 Mobile නිකුත් කල සැනින්ම private browsing පහසුකම ලබා දුන්නත් බොහෝ දෙනෙකුගේ ප්‍රතිචාරය වුනේ එය ඔවුන්ගේ දුරකථන වල සොයාගැනීමට තරමක් අපහසු වූ බවයි. එම නිසා මෙහිදී new tab button එකට දකුණු පසින් ඔබට සොයගත හැකි ලෙස මෙය වෙනස් කරලා තියෙනවා.
Improved Download Prompts in Microsoft Edge:අනවශ්‍ය downloads නවතා ගැනීමට ඔබ download කිරීම ආරම්භ කල විට message එකක් prompt කරයි.
Messaging + Skype improvements:message එකක් යවන විට paperclip icon එක හරහා photos attach කල හැක. එමෙන්ම camera app එකෙන් ඒ මොහොතේ photos ගෙන යවන්න, නැත්නම් ඔබේ location එක යවන්නත් පුළුවන්.
හඳුනාගත් අඩුපාඩු,
- Visual Voicemail notification and delivery හරියාකාරව වැඩ නොකිරීම.
- Lumia 550හි USB connection එක නොපෙන්වීම සහ charge කිරීමට නොහැකියාව
[…] Windows 10 Mobile Insider Preview Build 14267 නිකුත් වෙයි. […]