Project Neon සමග Windows 10 නව මුහුණුවරකින්…

Project Neon සමග Windows 10 නව මුහුණුවරකින්…

2612
0
SHARE

පසුගිය අවුරුද්දේ අග භාගයේදී වාර්තා වුණු Project Neon ගැන ආයෙත් කතාබහට ලක් වෙන්නේ, පසුගිය බදාදා පැවැත්වුණු Windows Developers Day එකේදී Microsoft සමාගම ඒ පිළිබද පලවෙනි ඉගිය නිල මට්ටමින් ලබා දීපු නිසයි. ඔයාලා කවුරුත් දන්න විදියට Project Neon කියලා කියන්නෙ Windows 10 වල UI designs වලට නව මුහුණුවරක් දෙන්න එන upgrade එක. හැබැයි මේ කියන්නෙ Windows 10 design language එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියන එක නම් නෙවෙයි. මේක දැනට භාවිත වෙන Windows 10 UI මත ම ගොඩනැගෙන පොඩි update එකක්.

මේ වන විටත් මේ පිළිබද ගොඩක් තොරතුරු එළිදක්විලා නැහැ. කලින් නිකුත් වුණු තොරතුරු වලට අනුව නම් මේකෙදි වැඩිපුර අවධානය යොමු වෙන්නේ animation සහ transition වලට. Windows Central පළමුවෙන් වාර්තා කරපු විදියට මේ අළුත් UI designs වල අරමුණ OS සහ app වලට fluidity, animation සහ blur එකතු කරන එක. ඒ වගේම තමයි developers ලට නිර්මාණාත්මක සහ ආකර්ෂණීය app නිර්මාණය පහසු කිරීමත් මෙහි එක අරමුණක්. Windows Central කියන විදියට මේ UI designs PC, tablets, HoloLens, Xbox සහ windows 10 phone ඇතුළු Windows 10 සියලුම උපාංග සදහා නිර්මාණය වන්නක්. ලොකු වෙනස්කම් සිදු නොවුනත් මේ design එක Windows 10 වලට නව ආරයක් ගෙන එන බව නම් නිසැකයි.

දැනට නිල මට්ටමින් නිකුත් වුණු UI design screen shot වල තියෙන විදියට task bar icon ප්‍රමාණයෙන් කුඩා වෙලා වගේම ඒවා දිස් වෙන්නේ bold සහ dynamic විදියට. search box එක වෙනුවට Cortana යි දිස් වෙන්නේ. Task bar clock එකත් bold විදියටයි දිස් වෙන්නේ. හැබැයි මේ default පෙනුමද කියන එක නම් තාම පැහැදිලි නැහැ. මේ වෙනස්කම් එක්ක Open Groove Music app එකත් සැලකිය යුතු මට්ටමින් දියුණු වෙලා. ඔයා අලුත්ම Windows 10 Insider Preview Build එක භාවිත කලොත් Groove Music මේ වෙනස ඔයාට අත් විදින්න පුළුවන්. මොකද මේ වෙද්දී Groove Music app එකට animation සහ UI element එකතු වෙලා තියෙන නිසා.

මීට අමතරව Project Neon හරහා Microsoft සමාගම Acryclic, Windows 10 වලට හදුන්වා දෙනවා. මේක භාවිතා කරන්නේ background, side bar සහ navigation bar, blur කරන්නයි. Outlook mail සහ calendar app වලට මේ background blur එකතු වේවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. කොහොම උනත් creators update නිකුත් වෙද්දී මේ UI වෙනස සූදානමින් තියෙන එකක් නැහැ. Microsoft සමාගමේ බලාපොරොත්තුව මැයි මාසේ පවත්වන Builders Conference එකේදී Neon ගැන තව තොරතුරු කියන්නයි. Red Stone 2 Creators Update සමග නිකුත් නොවුනත් මේ UI වෙනස, සමහරවිට මේ අවුරුද්දේ අග භාගයේදී නිකුත් වෙන Red Stone 3 සමගින් බලාපොරොත්තු වෙන්න පුළුවන් වේවි.

source : mspoweruser.com

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY