Windows Mixed Reality Headset ගැන ඔබ අසා තිබුනාද?

Windows Mixed Reality Headset ගැන ඔබ අසා තිබුනාද?

2618
0
SHARE

Windows Mixed Reality Headset කියන්නෙ Virtual Reality සංකල්පයට Microsoft ආයතනය විසින් ගෙන එන විසදුමක්. වසරක් පුරාවට අතථ්‍ය යතාර්ථය තවත් විදියකට කියනවනම් Virtual Reality සංකල්පය වර්ධනය වුන ප්‍රමාණය බලන්න පුලුවන් මේ device එකෙන්. Alex Kipmanගේ Build keynote එක තුලදී ඔහු විස්තර කරනවා Mixed Reality dev kits, Microsoft Store එක තුලින් Acer හා HP ප්‍රධාන වෙළද නාමයන් යටතේ මිලදී ගැනීමේ පහසුකම් සලසා තිබෙනවා කියලා.

Microsoft විසින් තමන්ගේ නිර්මාණ Computex විද්‍යා ප්‍රදර්ශනය තුලදී හෙළිදරව් කිරීමත් සමගම Acer, ASUS, Dell, HP හා Lenovo ආයතන සියල්ලම headsets නිර්මාණය කිරීම ආරම්භ කළා. මේ headsets වෙළදපොලට නිකුත් උනා බොහොම මෑතකදී. මේ සෑම headset එකක්ම භාවිතා කරලා තියෙන්නේ Microsoft Platform එක. ඒ මගින් තනි හා වෙනස් නොවන user interface එකක්, ප්‍රමිති ගත කල ආදාන කොටස් හා මෘදුකාංග නිර්මාපකයාට තමන්ගේ නිර්මාණාත්මක බව වර්ධනය කරගන්න Universal App Platform විදියට වුනත් ක්‍රියාත්මක කර ගැනීමේ හැකියාව පවතිනවා.

අපි හැමෝම දන්නා විදියට ASUS කියන්නේ පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ හා නව නිපැයුම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙක්. ඔවුන් මෑතකදීම නිකුත් කල Oculus-Ready ROG Gamin desktop හා VR-Ready VivoPC X වගේ නිපැයුම් වලට පස්සේ ඔවුන් තම අවධානය කලාත්මක බවෙන් අනුන ශිර්ෂ උපාංගයක් වෙතට යොමු කරලා තියෙනවා. ඔවුන් Microsoft ආයතනය සමග එකතු වෙලා මේ නිපදවන උපාංගය ආවේනික බහුකෝණික 3D Cover Panel එකකින්, එහා මෙහා කිරීමට පහසු අමුනුමකින්, තනි අතින් හැසිරවිය හැකි හැඩයකින් සමන්විතයි. Microsoft ආයතනයට අනුව ASUS කට්ටියගේ මේ device එක මේ වසර තුල එන බවක්වත් සදහන් වෙන්නේ නෑ. බොහෝ දුරට මෙය ලබන වසර ආරම්භයේදී පාරිභෝගිකයන් වෙත ලගා වෙන්න පුළුවන්.

Dell ආයතනයත් මේ හා නොදෙවෙනි වූ නිර්මාණයක් බිහි කරන්නයි සුදානම් වෙන්නෙ. Dell ආයතනයේ headset උපාංගය සුදු පැහැති බොහොම දැකුම්කළු විදියට නිර්මාණය කරලා තියෙන්නෙ. මේ උපාංගය දුටු කෙනෙකුට පැහැදිලිව දකින්න පුළුවන් මෙය නිර්මාණය කරලා තියෙන්නෙ පාරීභෝගිකයන්ගේ පහසුව තකා. ඒ වගේම මේ උපාංගය නිර්මාණය කරන්නෙත් Dell Premium XPS හා  Alienware PCs නිර්මාණය කරලා තියෙන කණ්ඩායමම තමයි. මේ නිසා මේ උපකරණයේ තාක්ෂණය ගැන අමුතුවෙන් සිතන්න අවශ්‍ය නැහැ. මෙයට භාවිතා වෙලා තියෙන headband එක weight balanced headband එකක්. ඒ වගේම දිගු කාලයක් පැළදගෙන සිටිමේදී ඇතිවන අතුරු ආබාධ වලට කුෂන් යොදා බොහොම සැප පහසුවට සාදන ලද්දක්. Dell Mixed Virtual Headset උපාංගය මේ මස අවසානය වන විට වෙළදපොලට පැමිණීමට සෑහෙන ඉඩකඩක් පවතිනවා.

Lenovo ආයතනයත් මේ හා නොදෙවෙනි ආකාරයේ නිෂ්පාදනයක් කරන්නයි සුදානම. මොවුන්ගේ විශේෂත්වය තමයි තමාගේ headset උපාංගයට Built-in sensors භාවිතා කර තිබීම. මේ sensors භාවිතා කරලා තියෙන්නෙ inside-out tracking කියන අලුත් feature එක introduce කරලා දෙන්න. හැසිරවීමේ පහසුව ප්‍රධාන කරගෙන වෙළදපොලට එන මේ උපාංගය මේ වසර අවසාන වීමට ප්‍රථම පැමිණීමට නියමිතයි.

ඔබත් මේ අත්දැකීමේ හිමිකරුවෙක් වීමට කැමතිනම් ඔබට පුළුවන් Windows Dev Center (https://dev.windows.com/en-us) මගින් ගොස් documentation කියවීමෙන් හා ඒ හා අදාල වන උපාංග බාගත කරගැනීමෙන් මේ අත්දැකීම හා එක් වන්නට. ඒ වගේම Unity 3D (https://unity3d.com/) ලබාගෙන විශාල මට්ටමේ applications නිර්මාණය කරන්නත්, Visual Studio 2017 Community Edition භාවිතා කර ඔබගේ applications, Windows Store වෙත යොමු කරන්නත් ඔබට පුළුවන්.

Source:https://www.theverge.com/2017/5/31/15717478/dell-asus-windows-mixed-reality-headsets-features

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY