Xbox One S අගෝස්තු මාසයේදී වෙළදපොළට

Xbox One S අගෝස්තු මාසයේදී වෙළදපොළට

2381
1
SHARE
http://news.xbox.com/

අපිට පසුගිය මාසයේදී ආරංචිවුනා Xbox පවුලට අලුත් සාමාජිකයෙක් එක්වෙනවා කියල. ඒතමා Xbox One S.

මෙය Xbox One එකට වඩා 40 ගුණයකින් කුඩා එකක් වගේම වීඩියෝ ගේම් ක්‍රීඩාකරන්නන්ට හොද අත්දැකීමක් දෙන්න නිර්මාණය කරපු එකක්. Xbox One S නිර්මාණය කරල තියෙන්නේ 4K Ultra HD සහ High Dynamic Range (HDR) සමග Blu-ray movies බලන්න සහ stream video පහසුකම් සමගින්. Robot White වර්ණය යොදාගෙන අලුත්ම සිත්ඇදගන්නා මෝස්‌තරයකට මෙය නිර්මාණය කරල තියෙන්නේ තිරස් සහ සිරස් යන දෙවිදිහටම තියන්න පුළුවන්වෙන විදිහටයි.

Xbox Devices අලෙවිකරණ සාමාන්‍යාධිකාරී විසින් ප්‍රකාශයට පත්කළ ආකාරයට ඔවුන් 2TB ධාරිතාවක් සහිත Xbox One S launch edition එක අගෝස්තු මාසයේදි තෝරාගත් රටවල්වලදී වෙළද පොළට නිකුත්කරන්න අපේක්ෂා කරනවා.

 

සීමිත ප්‍රමාණයක් ඇති 2TB launch edition  Xbox One S  එක ගන්න පුළුවන් $399 වගේ මුදලකට. තවත්‍ ටික කාලයකින් 1TB Xbox One S $349 කට සහ 500GB Xbox One S $299 කට මිලදීගන්න පුළුවන්.

සීමිත ප්‍රමාණයක් ඇති 2TB launch edition  Xbox One S  එක ගන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රදේශ වලින් පමණයි.

ඔස්ට්‍රේලියාව, ඕස්ටි‍්‍රයාව, බෙල්ජියම, කැනඩාව, චෙකොස්ලොවැකියාව, ඩේන්මාකය, ෆින්ලන්ත, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, අයර්ලන්තය, ඉතාලිය, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, පෝලන්තය, පෘතුගාල්, ස්ලෝවැකියාව, ස්පාඤ්ඤය, ස්වීඩන්, ස්විට්සර්ලන්තය, තුර්කිය, UK, US

මේ අවුරුද්දේ ඉදිරි කාලයේදී අනෙක් රටවල්වලදීත් Xbox One S මිලදීගන්න පුළුවන්.

Source: news.xbox.com

Comments

comments

1 COMMENT

LEAVE A REPLY