Your News App එකෙන් News දැන් videos විදියට

Your News App එකෙන් News දැන් videos විදියට

2489
0
SHARE

Microsoft Garage කියන්නේ Microsoft ආයතනය විසින් ක්‍රියාත්මක වෙන විවිධ ව්‍යාපෘති කිරීම සඳහා වෙන් වූ අංශයක්. නිතරම මේ අංශයෙන් විවිධ අත්හදාබැලීම් කරනවා. Microsoftලාගේ නිෂ්පාදනයක් වන Xbox one ඇප් එකට හඳුන්වා දුන් අලුත් විශේෂාංගයක් ගැනයි කියන්න යන්නේ.  Xbox one එකට අලුතින් news app එකක් එකතු කරා Microsoft Garage team එකෙන්. මේක නම් කරල තියෙන්නේ Your News කියලයි.

Usersලාට news හොයාගන්න පහසු වෙන විදියට videos  වලින් news අන්තර්ගත වෙලයි තියෙන්නෙ මේ app එකේ. Usersලාට තමන් කැමති topics ඇප් එකේ favorites වලට set කරලා ඒවට අදාළව news videos බැලීමේ හැකියාව මේ විශේෂාංගයට තියෙනවා. අවශ්‍ය වෙලාවට මේ topics remove කරන්නත් පුලුවන්.  මේ අංගය හඳුන්වාදීමත් එක්ක ගොඩක් TV usersලා සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වෙලා මේ news app එක භාවිතා කරන්න යොමු වෙලා කියල Microsoft Garage team එක විසින් අනාවරණය කරගෙන තියෙනවා. ඇප් එකෙන් favorites වලට add කරන හැටි පහළ screenshot එකෙන් බලාගන්න පුලුවන්

Microsoft Garage විසින් Android සහ iOS මෙහෙයුම් පද්ධති සඳහා ද මේ වගේම ඇප් එකක් හඳුන්වා දීලා තියෙනව News Pro නමින්.  මේ application එකත් Your News  විශේෂාංගය වගේම,  භාවිතා කරන අයට අවශ්‍ය විදියට සකස් කරගන්න පුලුවන් වෙන විදියට නිර්මාණය කරලයි තියෙන්නෙ. හැබැයි මේ ඇප් එක news  සපයන්නෙ videos  විදියට නෙමෙයි articles වශයෙන්. මේ වෙනකොට Your News app එක Xbox Store  එකෙන් නොමිලේ download කරගැනීමේ හැකියාව තියෙනවා.

Source : https://www.neowin.net/news/microsoft-garage-launches-your-news-app-for-the-xbox-one

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY