Microsoft ImagineCup තරගාවලිය මේ දිනවල ලොවපුරා පැවැත්වෙන බව ඔබහට අපවිසින් ලිපි පෙලක් ඔත්සේ දැනුවත්කරනු ලැබූවා. Imagine Cup 2016 තරගාවලිය සඳහා Microsoft ශ්‍රී ලංකා සමාඟමද තරගකරුවන් කැදවනු ලැබූ අතර තෝරාගත් කණ්ඩායම් සඳහා පළමු වටයේ ඉදිරිපත් කිරීම් ඇගයීම මාර්තුමස 1 වන දින සිට අද දින දක්වා සිදුකෙරුණා. එහි පළමු වටයේ ඉදිරිපත් කිරීම් විනිශ්චය කිරීමෙන් අනතුරුව තෝරාගත් කණ්ඩායම් අතරින් එක් එක් කාණ්ඩයට අනුව ජයග්‍රාහී කණ්ඩායම් කීපයක්ම තෝරා පත්කරගෙන ඇත. මේ අනුව එම කාණ්ඩයන් යටතේ ජයග්‍රගකයන් මෙසේය.
Innovation තරගය
කණ්ඩායම | අධ්‍යාපන ආයතනය |
Bit Masters | University of Moratuwa |
Dreagonflies | University of Colombo |
Team RUCK | Sri Lanka Institute of Information Technology |
Team Regal | University of Moratuwa |
Ingenious X | Informatics Institute of Technology |
WhileLOOP | University of Colombo |
Iluso | University of Colombo |
Team Reflex | Informatics Institute of Technology |
ZETA | University of Colombo |
World Citizenship තරගය
කණ්ඩායම | අධ්‍යාපන ආයතනය |
Bit Masters | University of Moratuwa |
Electrifize | Informatics Institute of Technology |
SAS Ninjas | University of Moratuwa |
Basic | University of Colombo |
Dragonflies | University of Colombo |
Green Tech | Informatics Institute of Technology |
Infinity | General Sir Johan Kotalawala Defense University |
Genisys | Informatics Institute of Technology |
Games තරගය
කණ්ඩායම | අධ්‍යාපන ආයතනය |
Bit Masters | University of Moratuwa |
WhileLOOP | University of Colombo |
Bandi Studio | University of Peradeniya |
Iluso | University of Colombo |
Space Monkeys | University of Colombo |
මීට අමතරව Microsoft ImagineCup සමඟ සමගාමීව පැවැත්වෙන Hello Cloud ඒක පුද්ගල තරගයේද මාසිකව ජයග්‍රහණ හෙලිදරවු කරන අතර පෙබරවාරි මස සඳහා වන ජයග්‍රාහකයන් අතර අප ශ්‍රී ලාංකිකයකුද සිටීම විශෙෂත්වයකි. Microsoft වෙතින් ඔහු වෙත මුදලින් ඇමරිකානු ඩොලර් $1000 ක ත්‍යාග මුදලක් පරිත්‍යාග කරනු ඇති.
අවසාන වටය සඳහා සුදුසුකම් ලැබූ සියලු කණ්ඩායම් සඳහා අප කණ්ඩායමේ උණුසුම් සුභපැතුම් !
Microsoft Imagine Cup 2016 සඳහා වන පැරණි ලිපි,
Microsoft Imagine Cup 2016 තරඟ සඳහා අයදුම්කිරීමට අදහසක් තියනවාද?
Imagine Cup 2016 සඳහා ලියාපදිංචි වී ව්‍යාපෘති යෝජනා යොමු කරන්නේ මෙහෙමයි.
Microsoft ImagineCup Big Idea Pitch තරගයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක්
whileLOOP is from UCSC
Thanks for the update 🙂