අද පැවැත්වෙන Microsoft YouthSpark Live වැඩසටහනේ අලුත්ම විස්තර

අද පැවැත්වෙන Microsoft YouthSpark Live වැඩසටහනේ අලුත්ම විස්තර

2675
0
SHARE

 

Microsoft සමාගමේ තවත් එක් සමාජ සත්කාරයක් වන YouthSpark Live වැඩසටහන අද දින පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා මරදාන Trace Expert Cityහිදී පැවැත්වෙනවා. YouthSpark Live වැඩසටහනේ අරමුණ වන්නේ වයස් භේදයකින් තොරව සෑම පසුබිමකින්ම පැමිනෙණ සියලු දෙනාටම පරිඝනක විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳව තව තවත් ඉගෙන ගැනීමට උනන්දු කරවීමයි.
a

ඒ වගේම මෙහි පැමිණෙන ඔබට පුහුණු සම්මුඛ සාකච්ඡා සඳහා සහභාගී වීමට මෙන්ම වෘත්තීය ගමන් මඟට අවශ්‍ය කරන මඟපෙන්වීම ලබා ගැනීමේ හැකියාවද තිබෙනවා. ඒ සඳහා මඟ පෙන්වීමට Microsoft නියෝජිතයින් රැසක් මෙහි ඔබ වෙනුවෙන් පැමිණ සිටිනවා.

b

මේ මොහොත වන විට වැඩසටහන් 2ක් පවත්වා අවසන් කර තිබෙනවා.අවන්හල් සමඟ පාරිභෝගිකයන්ට සම්බන්ධ වීමට තොරතුරු තාක්ෂණය උපකාරී වන ආකාරය පිළිබඳව Cakes Labsහි කළමනාකරණ අධ්‍යක්ෂක ශනිල් ප්‍රනන්දු මහතා පැහැදිලි කළ අතර තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති වටිනා අවස්තාවන් පිළිබඳව දැනුවත් කිරීමක් N*able ආයතයේ පීටර් ද අල්මේදා මහතා විසින් පවත්වනු ලැබුවා.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY