පසුගිය දින සාර්ථකව නිමා වූ Youth Spark Live වැඩසටහන

පසුගිය දින සාර්ථකව නිමා වූ Youth Spark Live වැඩසටහන

2059
0
SHARE

Microsoft ශ්‍රී ලංකා සමාගම, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ සර්වෝදය Fusion සංවිධානය යන සියල්ලගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදු කරන ලද #YouthSparkLive පසුගිය දෙසැම්බර් 3 වෙනි දින මරදාන Trace Expert City පරිශ්‍රයේදී ඉතා සාර්ථකව සිදු කෙරුණා. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වුණේ අපේ තරුණ පරපුර පරිඝණක විද්‍යාව සඳහා යොමු කිරීමත් ඔවුන්ගේ coding හැකියාව වැඩි දියුණු කිරීමට උපකාරී වීමත් සහ ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට අවශ්‍ය කරන නිවැරදි මඟ පෙන්වීමක් ලබා දීමයි.මෙම #YouthSparkLive වැඩසටහණ ගෝලිය වශයෙන් පැවැත්වෙන අතර මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම #YouthSparkLive වැඩසටහණයි.

cyuzhrduaaaj81j

 

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණතයන් සමඟ කතාබහ කිරීමට මෙන්ම සර්වෝදය Fusion කණ්ඩායමේ සහායෙන් මුහුණට මුහුණ ලා සිදු කෙරුණු වෘත්තීය මාර්ගෝපදේශනයන් සඳහා සහභාගී වීමේ හැකියාව පැමිණ සිටි අයට හිමි වුණා. තවද පාසල්, විශ්ව විද්‍යාල සහ තවත් විවිධ ආකාරයෙන් 3 දෙනා බැගින් කණ්ඩායම් සැදී සිදු කෙරුනු Coding Relay විනෝදාත්මක තරඟාවලිය සහ වයස් භේදයකින් තොරව සියලු දෙනා වෙනුවෙන් පැවැත්වුනු Hour of Code යන වැඩසටහණට පැමිණ සිටි සියලු දෙනා ඉතා උනන්දුවෙන් සහභාගි වුනා.

cyvlybrveaabqk4

Cake Labsහි කළමණාකරණ අධ්‍යක්ෂ ශනිල් ප්‍රනාන්දු මහතා සහ N-Ableහි කළමණාකරණ අධ්‍යක්ෂ පීටර් ද අල්මේදා මහතා තම වෘත්තීය ගමන් මඟ සාර්ථක කරගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සහ සිසුන් දිරිමත් කරමින් ඉතා වටිනා දේශනයන් 2ක් පැවැත්වූ අතර අජිතා ගුණවර්ධන මහත්මිය විසින් ‘Find your Unique Voice’ යන දේශනය පවත්වනු ලැබුවා. ඒ වගේම Social Media භාවිතයේ හොඳ නරක සහ ඒවායේ විවිධ පැතිකඩයන් පිළිබඳව දැනුවත් කිරීමේ දේශනයක් ද චොනිල් ජයන්ක මහතා විසින් පවත්වනු ලැබුවා.

cyveaueukaagtu0

Hour of Code සඳහා සහභාගී වූ සියලු දෙනාට සහතිකපත් මෙන්ම වටිනා තෑගි දිනා ගැනීමේ හැකියාව ලැබුණු අතර කුඩා ළමුන් ඉතා උනන්දුවෙන් සහ විනෝදයෙන් ඒ සඳහා සහභාගී වුණා. Coding Relay තරඟය ජයග්‍රහණය කිරීමට තරඟකරුවන් තිදෙනාට Frozen ක්‍රීඩාවේ තරඟ මට්ටම් 10ක් ද Star Wars ක්‍රීඩාවේ තරඟ මට්ටම් 8ක් ද MineCraft ක්‍රීඩාවේ තරඟ මට්ටම් 5ක් ද අවම කාලයකින් සම්පූර්ණ කළයුතු වුණා.

cyvqybrucaay97v

කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව නිසල නැණසල නියෝජනය කරමින් පැමිණි තරුණයින් තිදෙනෙක් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. කොළඹ ප්‍රධාන පාසල් සහ විශ්ව විද්‍යාල සියල්ල අභිබවා යමින් ඔවුන් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේ ඔවුන්ට ලබාදුන් අභියෝගය ඉතාමත් අවම කාලයකින් නිමාවට පත් කරමින්. මෙහි දෙවන ස්ථානය දිනා ගැනීමට මොරටුව විශ්ව විද්‍යාලයේ MoraSquard කණ්ඩායම සමත් වූ අතර තෙවන ස්ථානය දිනා ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ R2D2 කණ්ඩායමයි.

cyu1yw3ukaamodf

තරඟයට සහභාගී වූ සියලු දෙනාට වටිනා තෑගි හිමි වූ අතර ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නියෝජනය කරමින් පැමිණ සිටි නිශාන් ප්‍රනාන්දුපුල්ලේ මහතා තරඟවලියේ තෑගී ප්‍රධානය කිරීමේ උත්සවයට  සහභාගි වුණා. තම අදහස් දක්වමින් එතුමා තම Facebook ගිණුමේ සඳහන් කර තිබුණේ එම ක්‍රීඩාව තරඟ කිරීමට ඉතා පහසු සහ විනෝදාත්මක බවත් උඩුබැද්දෑව නිසල නැණසලේ ජයග්‍රහණය පිලිබඳව එතුමා ඉතා සතුටට පත්වන බවත්ය. එමෙන්ම බාල තරුණ වැඩිහිටි සියලු දෙනාටම වයස් භේදයකින් තොරව Coding සඳහා යොමු වීමට උනන්දු වන ලෙසත් එතුමා වැඩි දුරටත් පවසා තිබෙනවා.

අවසන් වශයෙන් YouthSparkLive ඉතා සාර්ථකව දවස පුරා පැවැත්වුණු අතර පැමිණ සිටි පිරිසට තමන්ට තිබුණු වෘත්තීය ගැටලු විසඳා ගනිමින් නිවැරදි මාර්ගෝපදේශයන් ලබා ගනිමින් තමන් ගැන විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට හැකිවුණා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY