Windows 8 සහය ලබන සතියෙන් අවසන්, මෙන්න කල යුතු දේ

Windows 8 සහය ලබන සතියෙන් අවසන්, මෙන්න කල යුතු දේ

3619
1
SHARE

Windows 8 මෙහෙයුම් පද්ධතිය නිකුත් කලේ මීට වසර 3කට පෙරදීයි. මේ මෙහෙයුම් පද්ධතියට Microsoft සමාගමේ 10 වසරක් දක්වා විහිදෙන සහය නම් ලැබෙන්නේ නැහැ. මන්දයත් Windows 8 මෙහෙයුම් පද්ධතිය සඳහා සහයෝගය ජනවාරී 12 වෙනිදා අවසන් වෙනවා. ඔබ දැනට Windows 8 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනවානම් දැන් upgrade වීමට කාලයයි.

නමුත් කොහොමද මෙහෙම වෙන්නේ? පසුගිය වසර පුරා අපිට දැනගන්නට ලැබුනා Windows Vista සඳහා security updates 2017 වසරේ අප්‍රේල් 11 වෙනිදා දක්වා ලැබෙන බවත් Windows 7 සඳහාත් 2020 වසරේ ජනවාරී 14 දක්වා එලෙසම වන බවත්ය.
ඉතින් ඇයි Microsoft සමාගම Windows 8 මෙහෙයුම් පද්ධතියට වෙනස් ආකාරයකට සලකන්නේ?
ලබන අඟහරුවාදා(12) Windows 8 සඳහා වූ අවසාන updates නිකුත් කරනවා.

Windows 8.1 සලකන්නේ Windows 8 සඳහා වූ service pack එකක් ලෙසටයි. නව service pack එකක් නිකුත් කර වසර දෙකකට පසුව පෙර නිෂ්පාදනය(Windows 8) සඳහා වන සහය අවසන් වෙනවා. Microsoft සමාගමේ නිවේදනය පහත පරිදියි.

Windows 8, support ends 24 months after the next service pack releases or at the end of the product’s support lifecycle, whichever comes first. If you are using software without the latest service pack you won’t be offered any new security or non-security updates, although preexisting updates will continue to be offered.

Windows 8.1 සමඟ විශාල දෝෂ ප්‍රමානයකට විසදුම් ලැබුනා. නව අංග සහ වැඩි දියුණු කිරීම් රැසක් එකතු වුනා. Windows 8.1 සඳහා Microsoft සහයෝගයත් 2023 වසරේ ජනවාරී 10 වෙනිදා අවසන් වෙනවා.

ලොකුම ගැටලුව, Windows 8 දැනට භාවිතා කරන අය දැන් මොකද කරන්න ඕනැ?

ඔබ මේ ප්‍රවෘත්තිය නොසලකා සිටියොත් ඔබේ Windows 8 පරිගණකය ආරක්ෂාව අතින් විශාල අවදානමකට ලක් වෙනවා. මෙවැනි ගැටළු වලින් මිදෙන්නට Windows Geeks ඔයාට ලබා දෙන උපදෙස් මෙන්න.

Windows 8.1 වෙතට upgrade වෙන්න.

ඔබ Windows 8 මෙහෙයුම් පද්ධතියට ප්‍රිය නම්, එයට බොහෝ සෙයින් සමාන Windows 8.1 සඳහා upgrade වෙන්න. මෙය නොමිලේම සිදු කර ගන්නට පුළුවන්.

Windows 10 වෙතට upgrade වෙන්න.

නවතම Windows මෙහෙයුම් පද්ධතියට මාරු වෙන්නටත් අවස්ථාවක් තියෙනවා. නැවතත් මෙයත් නොමිලේම ලබා ගන්නට පුළුවන්. Windows 10 සඳහා සහයෝගය 2025 වසරේ ඔක්තෝම්බර් මාසය දක්වා දිවෙනවා.

Windows 7 වෙතට downgrade වෙන්න.

Windows 7 සඳහා සහයෝගය මීට පෙරත් පැවසු පරිදි 2020 වසරේ ජනවාරී 14 දක්වා පවතිනවා. ලොව ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට කැමතිනම් එය ලබා ගන්න.

Comments

comments