Xbox New Live Avatars වීඩියෝවක් හදිසියේ එලියට

Xbox New Live Avatars වීඩියෝවක් හදිසියේ එලියට

1516
0
SHARE

Windowsgeek තුල ලිපි ලියන්න පටන් අරගෙන අද වෙනකොට අවුරුද්දකට වැඩි වුනත් මේ මගේ පලවෙනි Xbox සම්බන්ධ ලිපිය. මුලින්ම කියන්නම් Xbox පොඩි හැඳින්වීමක් කරන්නම්. Xbox කියන්නේ Video Gaming Brand එකක්. මේක අයිති Microsoft සමාගමට. මොවුන් Xbox Live යන නාමය පාවිච්චි කරලා represent කරනවා applications (games), streaming services සහ online service එකක්. 2001 නොවැම්බර් මාසයේදී තමයි මුලින්ම xbox කරලියට එන්නේ. Xbox කට්ටියගේ gaming console ගැන කතා කලොත්, gaming consoles 4ක් තිබෙනවා.

ඒ Xbox, Xbox 360, Xbox One, Xbox One X කියන්නේ මේ හතර. මේවගේ මිල ගණන් ගැන කිවොත් තියෙන්නේ ආරෝහණ පිළිවෙලට. Xbox One X වර්ගයේ console එකක් සාමාන්‍යයෙන් ඩොලර් 500ක් පමණ වෙනවා. Xbox console එක මිලියන 24කට අධික අලෙවියක් දක්වලා තිබෙනවා මේ වෙනකොට. ඒ වගේමයි, ලෝකයේ වැඩියෙන්ම ප්‍රසිද්ධියක් උසුලන Xbox 360 පවා මිලියන 77කට අධික ප්‍රමාණයක් අලෙවි වෙලා තිබෙන මේ console ලෝකය පුරාම සිටින game පිස්සන්ගේ game පිපාසාව සංසිඳුවන්න සැහෙන රාජකාරියක් සිඳු කළා.

අපි කතා කරගෙන ආවේ Xbox කියන්නේ මොකක්ද කියන දේ. මීලගට කියන්න යන්නේ අද කියන්න ආපු news එක ගැන. ඒ තමයි Live avatarsලා සිටින video එකක් කලින් නිකුත් වීම. දැනට සොයාගෙන තිබෙනවා මේ රස රහස පිටතට නිකුත් කලේ කවුද කියන කාරණාව. Xbox Avatar Editor එක වැඩ කරන්නේ කොහොමද කියන දේ පැහැදිලි කිරීමේ චේතනාවෙන් මේ වැඩේ කෙරුණත් අන්තිමට වුනේ අලුත්ම avatarsල set එකක් නිකුත් වීම. මේක කරපු කෙනා හිටපු Microsoft designer කෙනෙක් කියල කියවිලා තිබෙනවා. new body type options, clothing, හා props එක්ක සර්ව සම්පුර්ණයෙන්ම avatar එකක් වෙනස් වෙන විදිහ මෙහි පැහැදිලිව දකින්න පුළුවන්.  Xbox Avatar Editor මගින් ඉඩ දෙනවා customize කරන්න body, face, hair, makeup, limbs, and even fingernails වගේ features ගණනාවක්.

මේ වෙද්දී Microsoft කට්ටියගේ අදහස තියෙන්නේ මේ Xbox live avatarsලා සියලු දෙනාවම Xbox One dashboard එක වෙතට යොමු කරන්න. ඒ වගේම අලුතින් වැඩ කරන්න පටන් ගත්තු හා පරිනත 3rd party game developersලට වෙනමම store එකක් launch කරන්න. අප්‍රේල් මාසයේදී නිකුත් වෙන්න හිටපු මේ සියලු දෙනාම තව ටිකක් පරක්කු කරලා නිකුත් කරන්න Microsoft කණ්ඩායම තීරණයක් අරන් තියෙනවා. අපි බලමු තව අලුත් දේවල් මේ ගැන.

නැවත හමුවෙමු…

Source: https://www.theverge.com/2018/4/18/17250916/microsoft-xbox-live-avatars-video-leak

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY