HoloLens සඳහා වන Actiongram මගින් තමන්ගේම Holographic skits නිර්මාණය කිරීමේ හැකියාව

HoloLens සඳහා වන Actiongram මගින් තමන්ගේම Holographic skits නිර්මාණය කිරීමේ හැකියාව

2505
0
SHARE

Microsoft සමාගම දැනුම් දුන් පරිදි, පසුගිය මාසයේ සිට HoloLens උපාංගය තම සමාගමෙන් පිටත, සාමාන්‍ය ජනතාව වෙත නිකුත් කිරීම සඳහා ඇ.ඩොලර් 3000කට HoloLens development kit ලෙස පෙර ඇනවුම් කිරීමට අවස්ථාව උදාවිය. එතැන් පටන් Microsoft සමාගම developersලා හට එම platform එකෙහි හැකියාවන් ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලදී. නමුත් පසුගිය දිනෙක, එම සමාගම සාමාන්‍ය පාරොභෝගිකයන් සඳහා නව app එකක් නිකුත් කරන ලදී.

Microsoft සමාගම ඉදිරිපත් කරන එම නව app එක Actiongram ලෙස නම් කොට ඇත. එය HoloLens සමගම නිකුත් කරන ප්‍රථම අදියරෙහි සංවර්ධිත ව්‍යාපෘතිවල කොටසකි. මෙය නිර්මාණය කොට ඇත්තේ codersලා හා සසඳන කල්හි තාක්ෂණික දැනුමෙන් අඩු ජනතාව සඳහා holograms භාවිතා කිරීමට සහ කතන්දර හා තමන්ගේ ප්‍රකාශන ඉදිරිපත් කිරීම සඳහා සජීවීකරණය මුසු කරගැනීමටය.

Actiongram යනු මූලිකවම hologram ලොවෙහි clip art වේ. එමගින් භාවිතකරන්නන් හට පෙර නිමැවූ holograms තොරාගනිමින් ඒවා තමන් සමගම සැබෑ ලෝකයට එකතු කරගැනීමට අවස්ථාව සැලසේ. ඉන්පසු භාවිතකරන්නන් හට තමන්ගේ නිර්මාණය පටිගත කොට බෙදාගැනීමට හැකියාව උදාවේ.

එය ඉතා සරල app එකක් වුවත්, holograms සහ මිශ සජීවීකරණයෙන් කල හැකි දේ පිළිබඳ උනන්දුවක් ඇති අයෙකුට මෙය හොඳ ආරම්භක ලක්ෂ්‍යකි. එමෙන්ම එය සතුව ජනාතාවට තමන්ගේම holograms සහ මිශ්‍ර සජීවීකරණ අන්තර්ගත දෑ නිර්මාණය ආරම්භ කිරීමට පෙළඹවීමේ හැකියාව පවතී.

නමුත් මෙම app එක developersලා හට තමන් සතු හැකියාවෙන් HoloLens එකෙහි කල හැකි දෑ පිළිබඳ උදාහරණයකි. Microsoft සමාගම සඳහන් කරන්නේ Actiongram app එක නිර්මාණය සඳහා පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට සය මසක් පමණ ගත වූ බවත්, mobile apps නිර්මාණය කරන ඕනෑම කණ්ඩායමකට ඉක්මනින්ම HoloLens platform එකට මාරු විය හැකි බවත්ය.

Microsoft සමාගම මෙම මස අගදී HoloLens උපාංග නැව්ගත කිරීම ආරම්භ කිරීමට නියමිත අතර, එම සමාගම දන්වා සිටින්නේ ඔවුන් ප්‍රථමයෙන් development සහ ව්‍යාපාරික ප්‍රජාව වෙත එම උපාංග නිකුත් කරන බවත්, කලක් ගතව එය නිවැරදි තත්වයට පැමිණි පසු පාරිභෝගිකයන් සඳහා වන HoloLens version එක නිකුත් කරන බවත්ය. ඒ අනුව ඔබ විසින්ම එය අත්හදා බැලීම සඳහා තවත් කල් බලා සිටිය යුතුය.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY