Apple ,Google , Microsoft 2019 අලුත් ම වත ගොත..

Apple ,Google , Microsoft 2019 අලුත් ම වත ගොත..

2497
0
SHARE

තාක්ෂණික ලෝකයේ  දැවැන්තයන් වන Apple , Google ,  Microsoft සමාගම් වල අලුත් ම තොරතුරු දැනගන්න ගොඩක් අය කැමැතියි නේ. ඒ නිසාවෙන්ම අපි හොයල බැලුවා 2019 දී මේ සමාගම් තාක්ෂණික ලෝකෙට එකතු කරන්නෙ මොන වගේ වෙනස්කම් ද කියලා.

2018 ඒ කියන්නේ පසුගිය අවුරුද්ද පුරාවටම Apple ,Google සහ Microsoft  සමාගම් ඔවුන්ගේ products වලට නොකඩවාම updates නිකුත් කළා. නමුත් 2019 දී මේ සමාගම් තුනේම වැඩි අවධානය hardware පැත්තට නැඹුරු වන බවයි දැනගට ලැබෙන්නේ.

 

New Mac Pro:

New Mac Pro කියන්නේ 2019 දී පැමිණීමට නියමිත අතිශය ප්‍රබල device එකක්. මෙය apple users ලා කල් තියාම අපේක්ෂා කල දෙයක්.

iPhone XI:

සෑම අවුරුද්දකම වගේ apple සමාගම 2019 දී ත් නව iPhone එකක් ඒ කියන්නේ iPhone XI හඳුන්වා දීමට නියමිතයි. එය කලින් iPhone වලට වඩා සැහැල්ලු සහ සිහින් බවින් යුක්තයි. මෙහි නව touch-integrated OLED  display එකක් තිබීමත් තවත් එක විශේෂයක්.

New-iPad:

Apple සමාගම iPhone  XR හි කල පරිදිම Face ID සහ same bezel-less design සහිතව නව iPad එක නිර්මාණය කිරීමට මෙම වසරේදී සැලසුම් කරලා තිබෙනවා. වෙළඳපොල තරඟකාරීත්වය පවත්වා ගැනීම වගේම ක්‍රියාකාරිත්වයෙනුත් වැඩි iPad නිපදවා ගැනීම කෙරෙහි දැන්  අවධානය යොමුවෙලා තියෙනවා.

මීට අමතරව New Mac book හා new mac pro ද මෙම වසරේදී වෙළඳපොළට නිකුත් කිරීමට නියමීට අමතරව New Mac book හා new mac pro ද මෙම වසරේදී වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව නිරතුරුව Apple නිෂ්පාදන ගැන අවධානයෙන් සිටිනා Apple පාරිභෝගික ප්‍රජාවට සුභ ආරංචියක් වේවි.

 

Pixel Book 2: Google pixel book 2 කියන්නේ දැනට වෙළඳපොලේ තියෙන හොඳම Chromebook  වලින් එකක්. කොහොම නමුත් මේ වසරේදී google, 8th generation core processors සහිත ඔවුන්ගේ නියම pixel book 2 එළි දක්වයි කියල අපි බලාපොරොත්තු වෙනවා.

Google pixel 4:

Google pixel 3 සහ google pixel 3XL කියන්නේ අද වන විට ඔබට මිලදී ගත හැකි හොඳම phone වර්ග දෙකක්. එහි කැමරාවේ සිට hardware දක්වා සියල්ල ඉතා හොඳින් නිෂ්පාදනය  තිබෙනවා. මෙහි නවතම හඳුන්වා දීම වන google pixel 4, මෙම වසරේදී නිකුත් කිරීමට නියමිතයි.

Mid Range Pixel phones:

Bonito සහ Sargo නම් වලින් හඳුන්වන මෙම නවතම Pixel phones මෙම වසරේදී වෙළඳපොළට එකතු වේවි. මේවා ඕනෑම කෙනෙකුට දැරිය හැකි මිලකට පවතී නම් පාරිභෝගික ඔබ ඊට වඩාත් කැමති වන බව අපට විශ්වාසයි.

 

Windows 10 updates සමඟ නවතම surface devices දැන් ඔබට Microsoft  වෙතින් 2019 දී දකින්න පුලුවන්.

Surface book 3:

2017 දී නිකුත් කල surface book 2 ලැප්ටොප් වර්ගය තවමත් වෙළඳපොල පවතින හොඳම laptop වර්ගයක්. නමුත් මේ අවුරුද්දේදී අපිට intel 9th generation processor සහ nvidiar turing graphics සහිත නවතම surface book 3 laptop එක දැකගන්න පුළුවන් .

surface pro 7:

Surface pro  7 කියන්නේ වැඩිදියුණු කිරීම් සහිත most versatile laptop එකක්. මෙහි 8 වන පරම්පරාවේ processor සහ සමහර color options සහිතයි. 2019 දී එන surface pro 7 වඩා කුඩා සහ USB -C සම්බන්ධතාවයකින් යුක්තව දැකීමට microsoft පාරිභෝගිකයින් අපේක්ෂා කරන බව පැහැදිලියි.

 

පරිගණක ලෝකේ මේ වගේම අලුත් විස්තර අරගෙන තවත් ලිපියකින් අපි හමුවෙමු..!

Source: https://www.techradar.com/news/the-big-three-in-2019-apple-google-and-microsofts-upcoming-hardware-year

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY