Azure services for Data Professional Roles

Azure services for Data Professional Roles

1257
0
SHARE

තාක්ෂණයේ දියුණුවත් සමගම නිර්මාණය වුනු විවිධාකාර මෘදුකාංග සහ සේවාවන් ඔස්සේ සෑම මොහොතකම අති විශාල දත්ත ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. මේ දත්ත නිසි විදියට හසුරවන්න ඒ සඳහාම විශේෂ දැනුමක් ඇති පුද්ගලයන්ගේ අවශ්‍යතාවයත් ඇති වුනා. මේ විදියට නිර්මාණය වුනු roles සැලකිය යුතු ප්‍රමාණයක් අද වනවිට අපිට දැකගන්න පුළුවන්. ඉතින් මේ ලිපියෙන් කතා කරන්න යන්නේ මේ වගේ තියෙන data professional roles මොනවද , ඒවාට පැවරුණු කාර්යයන් මොනවද සහ මේ එක් එක් කාර්යයන්ට  Microsoft Azure services භාවිතා කල හැක්කේ කොහොමද කියන කාරණා.

දිනපතාම නිර්මාණය වෙන අති විශාල දත්ත  manage කරන්න , control කරන්න  වගේම මේ දත්ත නිසියාකාරව භාවිතා කරන්න  පෙළගැසුණු data professional roles මොනවද කියලා අපි මුලින්ම බලමු.එක් එක් ආයතන වල විවිධ නම් වලින් මේ roles හැඳින්වුවත් ඇත්තටම ප්‍රධාන ඛාණ්ඩ 3ක් යටතට තමයි මේ සියල්ල අයත් වෙන්නේ.

  • Database administrators – databases manage කිරීම, usersලට සුදුසු පරිදි permissions ලබාදීම දත්ත වල backup copies store කිරීම, සහ යම් බිඳවැටීමකදී දත්ත යථා තත්ත්වයට පත් කිරීම වැනි කාර්යයන් මේ role එකට අයත් වෙනවා.
  • Data engineers – organization එක පුරාවට දත්ත හැසිරවීමට අදාල infrastructure සහ processes manage කිරීම, systems අතර දත්ත හුවමාරු කිරීම, දත්ත පාලන නීති අනුගමනය කිරීම වැනි කාර්යයන් මේ role එකට අයත් වෙනවා.
  • Data analysts – දත්ත විශ්ලේෂණය කිරීම මගින් organization එකට අවශ්‍ය තීරණ ගැනීමට පහසු වන පරිදි charts වැනි data visualizations නිර්මාණය කිරීම වැනි කාර්යයන් මේ role එකට අයත් වෙනවා.

දැන් අපි බලමු මේ එක් එක් role එක ගැන විස්තරාත්මකව දැනගන්න.

Database Administrator

database administrator කියන role එකේ ප්‍රධානම වගකීම් වෙන්නේ organization එක භාවිතා කරන on-premises සහ cloud-based database systems වලට අදාල design, implementation, maintenance, සහ මෙහෙයුම් අංශ නිසියාකාරව කළමනාකරණ කිරීමයි. මොවුන් stakeholdersලා සමග backup and recovery plans වලට අවශ්‍ය  policies, tools, සහ processes නිර්මාණය කරනවා.

ඒ වගේම database එකේ තියෙන දත්ත වල ආරක්ෂාව පිලිබඳ වගකීමත් මොවුන්ට පැවරෙනවා.මෙහිදී අවශ්‍ය සහ සුදුසු පරිදි organization එක තුල එක් එක් පුද්ගලයන්ට access permission ලබාදීමත් සිදු කෙරෙනවා.

Data Engineer

data-related workloads නිර්මාණය කරන්න , analytical workloads වලට අවශ්‍ය දත්ත ගබඩා කරන්න stakeholders සමග මොවුන් කටයුතු කරනවා. මෙවැනි කාර්යයන් සඳහා මොවුන් relational /non-relational databases, file stores, සහ data streams වැනි විවිධාකාරයේ technologies යොදාගන්නවා.

ඒ වගේම on-premises සහ cloud දට වල privacy එක සම්බන්ධ වගකීමත් මොවුන්ට පැවරෙනවා.data නිසියාකාරව එක් එක් තැන්වලට ගලායාම එහෙම නැත්නම් data loads performance එක නිවැරදිව සිදු කිරීමට data pipelines යොදාගැනීමද සිදු කරනවා.

Data Analyst

Organization එක තුල ගලායන  දත්ත වලින් වඩාත් අර්ථාන්විතව ප්‍රයෝජන ගැනීම මොවුන්ට පැවරෙන කාර්යයක් වෙනවා, සරලවම දත්ත විශ්ලේෂණය කිරීම මගින් විවිධ trends , relationships හඳුනාගැනීම වගේම ඉතාම වැදගත් තීන්දු තීරණ ගැනීම සඳහා දත්ත විශ්ලේෂණය කිරීම සහ ඒවා දෘශ්යමය වශයෙන් නිර්මාණය කිරීම සිදු කෙරෙනවා.

ඉතින් දැන් අපි දන්නවා මේ එක් එක් data professional roles මොනවද සහ ඒවාට පැවරුණු වගකීම් මොනවද යන්න. මේ විවිධ කාර්යයන් තවත් පහසු කරන්න ඔවුන්ට භාවිතා කල හැකි වෙනත් සේවාවන් තිබෙනවා වෙන්න පුලුවන්ද.ඇත්තටම ඔව්. මෙවැනි කාර්යයන්ට අවශ්‍ය විදියට , ලබාගත හැකි සේවාවන් රාශියක් Microsoft Azure මගින් සපයනවා. දැන් අපි බලමු ඒ සේවාවන් මොනවද සහ මොන data professional roles වලට මොන සේවාවද සුදුසු වන්නේ කියලා.

Microsoft Azure කියන්නේ cloud platform එකක්.cloud solutions වලට අවශ්‍ය විවිධ සේවාවන් මෙහිදී ලබාගන්න හැකියාව තියෙනවා.ඒවායෙන් කිහිපයක් තමයි Azure SQL, Azure Database for open-source relational databases, Azure Cosmos DB, Azure Storage, Azure Data Factory, Azure Synapse Analytics, Azure Databricks, Azure HDInsight, Azure Stream Analytics, Azure Data Explorer, Azure Purview සහ Microsoft Power BI කියන්නේ. මේ එක් එක් සේවාව පිළිබඳව සරලව සහ කෙටියෙන් දැන් අපි දැනගනිමු.

Azure SQL

Microsoft SQL Server database engine එක පදනම්ව ඇති relational database solutions වලට කියන පොදු නමක් තමයි Azure SQL කියන්නේ. මෙම සේවාවට අඩංගු වෙන දේවල් තමයි,

  • Azure SQL Database – Azure හි සත්කාරකත්වය දරන සම්පුර්ණයෙන් කළමනාකරණය කරන ලද Platform-as-a-service (PaaS) දත්ත සමුදායක්
  • Azure SQL Managed Instance – SQL Server එකේ hosted instance එකක් සහ automated maintenance අඩංගු වෙනවා.
  • Azure SQL VM – SQL Server ස්ථාපනයක් සහිත virtual machine එකක්.

Azure Database for open-source relational databases

  • Azure Database for MySQL – Linux, Apache, MySQL, සහ PHP (LAMP) ස්ටැක් යෙදුම්වල බහුලව භාවිතා වන සරල භාවිතයට ගත හැකි විවෘත මූලාශ්‍ර දත්ත සමුදා කළමනාකරණ පද්ධතියකි.
  • Azure Database for MariaDB – MySQL හි මුල් සංවර්ධකයින් විසින් නිර්මාණය කරන ලද අලුත් database management system එකකි. MariaDB Oracle Database සමඟ ක්‍රියාත්මක විය හැක.
  • Azure Database for PostgreSQL – hybrid relational-object database එකක් වගේම relational tables වල දත්ත store කල හැක.

Azure Cosmos DB

Azure Cosmos DB කියන්නේ  APIs බොහොමයක්ම support කරන global-scale non-relational (NoSQL) database system එකක්. මෙහිදී දත්ත JSON documents, key-value pairs, column-families, සහ graphs විදියට store කිරීමේ පහසුකම ලැබෙනවා.

Azure Storage

core Azure service එකක් තමයි Azure Storage කියන්නේ.ඒ වගේම මෙමගින් පහත ආකාර වලට ඔබට data store කිරීමේ පහසුකම ලබාදෙනවා.

  • Blob containers – binary files සඳහා වඩාත් සුදුසුයි
  • File shares – network file share කිරීමේ පහසුකම
  • Tables – applications වලට read and write කිරීම සඳහා key-value storage කිරීමේ පහසුකම

Azure Data Factory

ඔබට අවශ්‍ය පරිදි දත්ත transform කිරීමට  data pipelines නිර්මාණය සහ schedule කිරීම මෙහිදී සිදු කල හැකි වෙනවා. මේ pipelines අනෙකුත් Azure services සමග සම්බන්ධ කිරීමටද හැකියාව තියෙනවා.

මෙවැනි සේවාවන් විශාල ප්‍රමාණයක් Azure මගින් ඔබට ලබාදෙනවා වගේම අපි මුලින් කතා කල data professional roles වලට ඔවුන්ගේ කාර්යය මෙම සේවාවන් මගින් පහසුවෙන් ඉටු කරගැනීමේ හැකියාව ලැබෙනවා.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY