Developer කෙනෙක්ට අවශ්‍යම Azure Functions

Developer කෙනෙක්ට අවශ්‍යම Azure Functions

918
0
SHARE

අද ලිපියෙන් අපි කතා කරන්නේ Azure Functions පිළිබඳවයි. Azure Functions මගින් ඇත්තටම අපට බොහොම පහසුවෙන් අපට අවශ්‍ය දෙයට , එහෙම නැත්නම් අපට අවශ්‍ය task එකට code එකක් ලියන්න පුළුවන් , full application එකක්ම හදන්නේ නැතිව. ඒ වගේම මේ code එක run වෙන්න අවශ්‍ය infrastructure එක පිලිබන්දව වද වෙන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඇත්තටම මේ process එක කොහොමද වෙන්නේ කියලා අපි මේ ලිපියෙන් තව විස්තර දැනගනිමු. ඊට අමතරව මෙන්න මේ දේවලුත් අපිට මේ ලිපියෙන් ඉගෙන ගන්න පුළුවන් වෙනවා.

Azure Functions, Azure Logic Apps, සහ WebJobs අතර වෙනස්කම් හඳුනාගැනීම.
Azure Functions hosting plans මොනවද කියලා දැනගැනීම.
ව්‍යාපාරික අවශ්‍යතා වලට Azure Functions මොනවගේ දායකත්වයක්ද ලබාදෙන්නේ යන කරුණු.

Azure Functions

Azure Functions කාරණා කිහිපයක් සඳහාම ඉතා වැදගත් වෙනවා. ඒවා තමයි ,

  • Data Processing
  • Integrating systems
  • Internet-of-things (IoT)
  • simple APIs සහ microservices build කිරීමේදී.

අපිට යම්කිසි කාලසටහනකට , එහෙම නැත්නම් schedule එකකට task එකක් කරන්න අවශ්‍ය නම් , උදාහරණයකට file maintenance වගේ දෙයක් , මේ වගේ function එකකට අපට පහසුවෙන්ම Azure Functions සේවාව යොදාගන්න පුළුවන්, මොකද මේ වගේ common tasks , වලට ගැලපෙන templates මේ service එක මගින් ලබාදෙනවා.

Azure Functions සහ Azure Logic Apps සැසඳීම

Azure Functions කියන්නේ serverless compute service එකක්. Azure Logic Apps වලින් සිදුවෙන්නේ serverless workflows සැපයීම.නමුත් මේ සේවාවන් දෙකටම සංකීර්ණ orchestrations ගොඩනැගීමේ හැකියාව තිබෙනවා. orchestrations කියන්නේ සරලවම functions හෝ steps වල එකතුවක් , collection එකක්.

Azure Functions සඳහා අපි orchestrations ගොඩනැගීම කරන්නේ Functions extensionභාවිතා කරමින් code එකක් ලියලා, නමුත් Logic Apps සඳහා GUI හෝ වෙනත් editing configuration files භාවිතා කරලා orchestrations ගොඩනැගීම සිදු කරනවා.

Functions සහ WebJobs සැසඳීම

Azure Functions වගේම Azure App Service WebJobs කියන්නෙත් WebJobs SDK සමගින් එන code-first integration service එකක්. මෙයත් developers ලා වෙනුවෙන්ම පවතින service එකක්. WebJobs සහ Azure Functions යන සේවාවන් දෙකම Azure App Service මත තමයි ගොඩනගලා තිබෙන්නේ.

Azure Functions hosting options

අපි Azure හි function app එකක් නිර්මාණය කිරීමේදී මේ app එක host කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. ඉතින් මෙන්න මේකටත් බොහොම පහසු විසඳුමක් Azure මගින්ම ඔබට ලබාදී තිබෙනවා. ඇත්තටම මේ විදියට ඔබට භාවිතා කරන්න පුළුවන් hosting options කිහිපයක්ම Azure හි තිබෙනවා. ඒවා තමයි,

  • Consumption plan,
  • Functions Premium plan,
  • App service (Dedicated) plan

මේ hosting plans සියල්ලම Linux සහ Windows virtual machines වලට අදාළ වෙනවා. ඔබට අවශ්‍ය සහ ගැලපෙනම hosting plan එක නිවැරදිව දැනගැනීමට පහත කාරණා පිළිබඳව සැලකිලිමත් වෙන්න.

  • How your function app is scaled.
  • The resources available to each function app instance.
  • Support for advanced functionality, such as Azure Virtual Network connectivity.

මෙම එක් එක් hosting plan එකෙන් ඔබට ලැබෙන වාසි පහතින් දක්වා තිබේ.

ඕනෑම hosting plan එකක් භාවිතා කිරීමට නම් ඔබට සාමාන්‍ය Azure Storage account එකක් තිබීම අනිවාර්ය වෙනවා, ඒ වගේම මෙම account එක Azure Blob, Queue, Files, සහ Table storage භාවිතා කිරීමට හැකි එකක් විය යුතුයි.මෙයට හේතුව වන්නේ අප නිර්මාණය කරන Functions, මුලිකවම Azure Storage මත රඳා පවතින නිසා.

මේ ආකාරයට ඔබට අවශ්‍ය පරිදි functions නිර්මාණය කිරීමට සහ ඒ සඳහා පහසු hosting සේවාවක් ලබාගැනීමට Azure මගින් ඔබට අවස්ථාව ලබාදී තිබෙනවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY