පසුගිය වසර තුල Microsoft සමාගම විවෘත මෘදුකාංග කෙරෙහි අවදානය වැඩි වශයෙන් යොමු කළා. අද Build 2016 සමුළුවේදී සුවිශේෂි නිවේදනයක් නිකුත් කළා. ඒ ප්‍රසිද්ධ Unix-shell,Bash Windows 10 සඳහා දියත් කිරීමයි. Canonical සමාගම හා එක්ව Microsoft සමාගම මෙලෙස Bash, Windows 10 සඳහා දියත් කරනු ලබනවා. මේ හරහා මෘදුකාංග සංවර්ධකයින්ට Linux වලට මාරු වීමකින් තොරව Windows තුලම Ubuntu binaries තුලට ලඟා වීමට හැකියාව ලැබෙනවා.
මේ හරහා Emacs ආධි යෙදුම් සහ grep, awk, vi ආදී මෙවලම් Windows තුල භාවිතා කිරීමට හැකි වෙනු ඇත.