C# පාඩම් මාලාව -1 වෙනි කොටස

C# පාඩම් මාලාව -1 වෙනි කොටස

2338
1
SHARE

ආයුබෝවන්, C# පාඩම් මාලාවෙ පලවෙනි කොටස තමයී මම අද ගෙන එන්නේ. C# ඉගෙන ගන්න කලින් මොකක්ද C# කියන්නෙ කියල බලමු.

C# කියන්නෙ මොකක්ද?
අපි කව්රුත් Software එහෙම නැත්තම් මෘදුකාංග එක්ක වැඩ කරලා තියෙනවා. දැන් ඔයා open කරගෙන ඉන්න වෙබ් Browser එක පවා යම්කිසි මෘදුකාoගයක්. මේ මෘදුකාංග හැදිලා තියෙන්නෙ එවා කේත කරනය (code) කිරීමෙන්. මේවා කේත කරනය කරන්න අපි දන්න ඉoග්‍රිසි හරි සිංහල හරි වෙන භාෂාවක් හරි භාවිතා කරන්න බෑ. මේ සදහා විශේෂිත භාෂා යොදා ගන්නවා අපි මේ භාෂා Programming Languages කියල හදුන්වනු ලබනවා.C# කියන්නෙත් පරිඝනක මෘදුකාoග(software) හදන භාෂාවක්. ඉතින් අපිට C# භවිතා කරලා Software එකක් හදා ගන්න පුලුවන්.

ඊලගට අපි බලමු කොහොමද මේ C# එක්ක වැඩ කරන්නෙ කියලා. ඉතින් අපිට මේ C# වලින් වැඩ කරන්න එහෙම නැත්තම් කේත කරනය කරන්න Microsoft ආයතනය හොද IDE එකක් හදුන්වල දිලා තියෙනවා. මේ IDE එකට කියන්නෙ Visual Studio කියලා.
අපි බලමු මේ Visual Studio අපේ පරිඝනකයට install කරගන්නේ කොහොමද කියලා.

1 වෙනි පියවර
මුලින්ම අපිට මේකට Microsoft Account එකක් ඕනෙ වෙනවා. දැනටමත් ඔයාට Microsoft Account එකක් තියෙනවා නම් මේක කරන්න ඕනෙ වෙන්නෙ නෑ. එහෙනම් අපි දෑන් බලමු කොහොමද Microsoft Account එකක් හදා ගන්නෙ කියලා.
මුලින්ම ඔයා පහත සදහන් වෙබ් පිටුව වෙත යන්න ඕනෙ. ඒ සදහා ඔයගෙ Web Browser එකේ Address bar එක මත මේක type කරන්න signup.live.com

 

ඊට පස්සෙ ඔයාට පහත සදහන් වෙබ් පිටුවට යන්න පුලුවන්.

 

මේ වෙබ් පිටුවේ ඇති Form එකේ ඇති  කරුණු ටික පුරවන්න ඕනෙ. කරුණු සේරම පිරෙව්වට පස්සෙ මේ Form එකේ යටම තියෙන මේ බොත්තම click කරන්න.

ඊට පස්සෙ ඔයාට අදාල Microsoft Account එකේ විස්තර ඔයාට පෙන්නයි. දැන් ඔයාටම කියලා Microsoft Account එකක් තියෙනවා.

2 වෙනි පියවර
අපි දැන් බලමු Visual Studio කොහොමද භාගත (download) කරගන්නේ කියලා.
මුලින්ම පහත සදහන් වෙබ් පිටුවට යන්න.

All Downloads | Visual Studio

දැන් ඒ පිටුවේ පහලටම Scroll කරන්න.  පහලට වෙන්න ඔයාට දැකගන්න පුලුවන් Visual Studio 2015 කියලා option එකක්. ඒක Expand කරගන්න. ඊට පස්සේ ඔයාට පහත විදියට Download Options පෙන්වයි.

 

මෙතනින් Visual Studio Community  කියලා Select කරලා ISO Option එක ලබාදීලා Download Button එක Click කරන්න. දැන් Visual Studio ISO File එක download වේවි. Visual Studio ISO එක 7 GB වගේ ධාරිතාවයකින් යුක්තයි.

දැන් Download කරපු ISO File එක Computer එකට mount කරලා install කරනයි තියෙන්නේ. Install කරන්කොට Typical settings යටතේ install කරන්න.

දෑන් අපි Visual Studio install කරලා ඉවරයි!!!

C# භාවිතයෙන් කේතකරනය කරන්නෙ කොහොමද කියලා ඊලග පාඩමෙන් බලමු.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY