මොකක්ද මේ Windows Hello කියන්නේ ?

මොකක්ද මේ Windows Hello කියන්නේ ?

2455
1
SHARE

ඔයාත් Windows 10 භාවිතා කරන කෙනෙක් නම් Windows Hello ගැන අනිවාර්යෙන්ම දන්නවා ඇති. නමුත් ඒ ගැන පොඩි හැඳින්වීමක් කරලා ම පටන් ගන්න එක හොඳයි කියලා මට හිතුනා. සරලවම කියනවා නම් Windows Hello කියන්නේ ඕනෑම Windows 10 device එකකට sign in වීමට භාවිතා කරන්න පුළුවන් පහසු ක්‍රමයක්. සාමාන්‍යයෙන් device එකකට sign in වෙන්න ඕනේ වුනාම අපිට pin එකක් හරි password එකක් හරි type කරන්න වෙනවා. එත් Windows Hello භාවිතා කරනවා නම් තවදුරටත් pin එකක් හරි password එකක් හරි මතක තියා ගන්නවත් type කරන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට finger print reader එකක් භාවිතයෙන් හරි camera එකක් මගින් හරි පහසුවෙන්ම device එකට sign in වෙන්න අපිට දැන් හැකියාව ලැබිලා තියෙනවා.

ඔයාලට දැන් පැහැදිළි ඇති Windows Hello භාවිතා කරන්න නම් finger print reader එකක් හරි Windows Hello-ready camera එකක් හරි ඔයාගේ device එකේ තියෙන්න ඕනේ බව. ඔයා ගාව තියෙන device එක Surface Book එකක් හරි Surface Pro 4 එකක් හරි නම් ඔයාලට කිසිම ගැටළුවක් නැතිව Windows Hello භාවිතා කරන්න පුළුවන්. මොකද මේ devices දෙකේම Windows Hello facial recognition වලට support කරන cameras තියෙන නිසා. එතකොට මේ devices භාවිතා කරන අයට විතරද Windows Hello භාවිතා කරන්න පුළුවන් ? නැහැ. ඔයාගේ Windows 10 device එකේ Windows Hello-ready camera එකක් නැත්නම් ඒ වෙනුවට ඔයාලට Tobii EyeX eye tracker කියන device එක භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඔයාගේ device එකේ finger print reader එකක් තියෙනවා නම් එත් ඔයාට පහසුවෙන්ම Windows Hello භාවිතා කරන්න පුළුවන්.

Windows Hello භාවිතා කරන්න අවශ්‍ය වෙන hardware requirements සම්පුර්ණ කරගත්තට පස්සේ Windows Hello activate කරගන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද Windows Hello ඔයාලගේ device එකේ set up කරගන්නේ කියලා. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න අවශ්‍ය වෙනවා.

            1. Go to Settings (keyboard shortcut is Windows key + I)
            2. Go to Accounts
            3. Go to Sign-in options
            4. Go to Windows Hello

මෙහිදී ඔයා set up කියන එක click කලාම PIN එකක් set කරන්න කියල ඔයාට උපදෙස් ලැබෙයි. Windows Hello භාවිතා කරද්දී කිසියම් ගැටළුවක් ඇති වුනොත් recovery option එකක් විදිහට මේ PIN එක භාවිතා කරන්න පුළුවන්.

PIN එකක් set කළාට පස්සේ Get Started කියන option එක click කරන්න. එවිට Windows Hello එයාගේ facial recognition process එක ආරම්භ කරයි. මෙහිදී ඔයාට කරන්න තියෙන්නේ බොහොම පහසු දෙයක්. ඒ තමයි සාමාන්‍යයෙන් ඔයා පරිගණකය භාවිතා කරන අවස්ථා වලදී පරිගණක තිරය දෙස බලා සිටින ආකාරයට පරිගණක තිරය දෙස බලාගෙන සිටීම. ඔයාගේ device එක support කරන්නේ finger print recognition වලට නම් ඔයාට කරන්න තියෙන්නේ device එකට ඔයාගේ finger print එක ලබා දෙන එකයි.

Windows Hello, Windows 10 පරිගණක වල පමණක් නෙමෙයි Lumia 950, Lumia 950 XL සහ HP Elite x3 වැනි Windows 10 Mobile devices වල වුනත් භාවිතා කරන්න පුළුවන්. නමුත් Windows 10 පරිගණකයක භාවිතා කරන තරම් Windows Hello, Mobile devices වල විස්වාසනීය නැහැ කියලයි කියන්නේ.

Windows Hello වල දකින්න පුළුවන් තවත් විශේෂත්වයක් තමයි Microsoft account එක පදනම් කරගෙන Windows Hello set up කරගත හැකි වීම. ඒ කියන්නේ කිහිප දෙනෙක් වෙනස් Microsoft accounts තුළින් එකම device එකක් භාවිතා කරනවා නම් ඔවුන්ට වෙන වෙනම Windows Hello set up කරගන්න පුළුවන්. device එක unlock කරන අවස්ථාවේදී fingerprint හෝ face recognition හරහා device එක භාවිතා කරන පුද්ගලයාව හඳුනා ගන්නත් Windows Hello වලට හැකියාව තියෙනවා.

source : ONMSFT

Comments

comments

1 COMMENT

LEAVE A REPLY