Chatbot කෙනෙක් හදාගන්න විදිය සරලවම – part 2

Chatbot කෙනෙක් හදාගන්න විදිය සරලවම – part 2

824
0
SHARE

පසුගිය ලිපියෙන් අපි කතා කලා කොහොමද අපේ වැඩ පහසු කරගන්න උදව්කරුවෙක් විදියට chatbot කෙනෙක් හදාගන්නේ කියලා, අද ලිපියෙන් ඒ ගැන වැඩි විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් ලිපිය මෙතනින් කියවලම පටන්ගමු.

දැන් අපි බලමු අපි හදාගත්ත chatbot කොහොමද test කරලා බලන්නේ කියලා, මොකද හදපු එක deploy කරන්න කලින් ඒක අපට ඕන විදියට වැඩ කරනවද කියලා බලලා ඉන්න ඕනනේ. Power Virtual Agents for Customer Service එකෙන් තමයි අපි chatbot හැදුවේ. Test එක Test bot panel එකෙන් මෙන්න මේ විදියට කරගන්න පුළුවන්.

  • Test bot panel එක පේන්න නැත්නම් Test your bot කියන option එකෙන් ගිහින් ඒක open කරගන්න.

  • මුලින්ම පහල රුපයේ තියෙන විදියට Reset button එක select කරලා ඉන්න, ඒකට හේතුව තමයි කලින් තිබුනු conversations වලින් අපි test කරන්න යන flow එකට disturb වෙන්නේ නෑ එතකොට. නැත්නම් පරණ ඒවා එක්ක පැටලෙන්න පුළුවන්.

  • දැන් අපි මේ conversation එක පටන්ගන්නා ඕන, ඒකට අපි chatbot ට අදාළ topic එක අනුව trigger phrase එකක් මේ Type your message කියන තැන type කලා නම් හරි. අපි botව හදද්දී මේ වගේ trigger phrase කිහිපයක් add කලා ඔයාට මතක ඇති කියලා හිතනවා.
  • අපේ trigger phrase එකෙන් අපිට chatbot ගෙ response එක ලැබෙනවා. ඉතින් මේ විදියට conversation එක ඉස්සරහට කරගෙන ගිහින් අපට අවශ්‍ය විදියට flow එක වෙනවද කියලා බලන්නයි තියෙන්නේ.
  • අපිට අවශ්‍ය විදියට response edit කරන්නත් හැකියාව තිබෙනවා, පහල රූපයේ ඒක පෙන්වලා තිබෙනවා.
  • මේ විදියට botව අපට අවශ්‍ය විදියට හදාගන්න අතරෙම එක් එක් topic එකට අදාළ conversation track කරලා තියාගන්න එක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
  • කලින් වගේම Test your bot කියන option එක select කරගෙන Track between topics කියන toggle එක on කරගන්න.

trigger phrase එකක් add කරලා අයෙත් කලින් වගේම conversation එක continue කරගෙන යන්න. මේ විදියට ඔයාට topics අතරේ මාරුවෙන්න පුළුවන්.

දැන් අපිට හදාගනිපු chatbotව websites, mobile apps,සහ  Microsoft Teams , Facebook වගේ messaging platforms වලට deploy කරන්න පුළුවන්. මේ විදියට එක් වරක් හෝ publish කරා නම් තවත් channels වලට මේ botව connect කරන්න පුළුවන්. chatbotව update කරනවා නම් අනිවාර්යෙන්ම ඊටපස්සේ Power Virtual Agents app එකේ අයෙත් publish කරන්න ඕන.

ඔයාගේ chatbotව share කරන්න පුළුවන් මොන platforms වලද කියලා පහල රුපයෙන් පෙන්වලා තියෙනවා.

ඒ වගේම botගේ analytical view එකක් ලබාගන්නත් ඔයාට හැකියාව තිබෙනවා.


මේ විදියට පහසුවෙන්ම ඔයාට අවශ්‍ය විදියට Microsoft මගින් ලබාදෙන Power Virtual Agents මගින් chatbot කෙනෙක්ව ඔයාට හදාගන්න පුළුවන්.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY