Microsoft සමග Hybrid learning

Microsoft සමග Hybrid learning

1140
0
SHARE

මුළු ලෝකය පුරාවටම දරුණු ලෙස බලපාපු covid-19 තත්ත්වය නිසාවෙන් සෑම ක්ෂේත්‍රයකට වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයටත් ලොකු බලපෑමක් තවමත් එල්ල වෙනවා. පන්තිකාමර ඉගෙනීම් රටාවකට හැඩගැසුණු ශිෂ්‍යන්ට මේ තත්ත්වය නිසා online ඉගෙනීම් රටාවකට හුරුවෙන්න සිදුවුනා. ඒත් ඇත්තටම මේ ක්‍රමයේ සාර්ථකත්වය කොහොමද කියලා අපි හැමෝම දැන් දන්න කාරණයක්. ඉතින් පුළුවන් උපරිම විදියට මේ online ඉගෙනීම් රටාව සාර්ථක කරගන්න විවිධ ක්‍රම, ඒ කියන්නේ සියලුම ශිෂ්‍යන්ට online පමණක් දේශන පැවැත්වීම , සුළු පිරිසක් පරණ විදියටම පන්තිකාමරය තුලත් තවත් පිරිසක් online විදියටත් එකම දේශනයට සම්බන්ධ වීම වගේම ශිෂ්‍යයන් කණ්ඩායම් විදියට වෙන් වෙන්ව පන්ති කාමර තුල ඉගෙනීම වගේ විවිධ ක්‍රම මේ අතර සිදුවුණා. ඉතින් අද ලිපියෙන් කතා කරන්න යන්නේ මේ covid-19 තත්ත්වය හමුවේ වඩාත් සාර්ථක විදියට අපේ ඉගෙනීම් කටයුතු කරගෙන යන්න පහසු කරන ආකාරයක් පිළිබඳව, ඒ තමයි hybrid learning environment, ඒ කියන්නේ මුලින් සඳහන් කරපු විවිධ ක්‍රම සියල්ලගේම එකතුවක් වගේ දෙයක්.

මේ hybrid model එකට Microsoft Teams වගේ online platforms යොදාගන්න පුළුවන්. මොකද මුලිකවම මේ ක්‍රමය ශිෂ්‍යයා මත පදනම් වෙන නිසා. ඔහුට/ඇයට අවශ්‍ය විදියට ගුරුවරුන් සමග සම්බන්ධ වෙන්න, මිතුරන් සමග සම්බන්ධ වෙන්න, තමන්ටම අවශ්‍ය විදියට වැඩිදුර ඉගෙනීම් කටයුතු කරගෙන යන්න වගේ දේවල් බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්.

in-school සහ remote learning කියන ආකාර දෙකම සාර්ථක විදියට ඉටු කරගන්න පුළුවන් මේ hybrid model එකට අනුව. video පහසුකම් සහිත නිසා එය වඩාත් සාර්ථක වෙනවා.

මේ අවශ්‍යතාවයට සරිලන හොඳම විසඳුම විදියට Microsoft 365 හඳුන්වලා දෙන්න පුළුවන්. දැනටමත් බොහොමයක් ආයතන වගේම අධ්‍යාපනික අංශ මේ platform එක භාවිතා කරන නිසා එහි පහසුකම් ඔබත් අත්විඳිනවා ඇති කියලා හිතනවා.

Microsoft 365 suite එකට ඇතුලත් වන tools බොහොමයක් තිබෙනවා. පහතින් දක්වලා තිබෙන්නේ ඒ tools පිලිබඳවයි.

මේ විදියට hybrid learning ක්‍රමයකට අනුගත වෙත්දී අවධානය යොමු කරන්න ඕන ප්‍රධාන කාරණා කිහිපයක් තිබෙනවා.ඒ තමයි
Learning environment – ඉගෙනුම් පරිසරය
Class community – පන්ති ප්‍රජාව
Lesson design – පාඩම් නිර්මාණය
Engagement and interactivity – මුසුවීමේ සහ අන්තර්ක්‍රියාකාරීත්වය
Assessment and feedback – තක්සේරු කිරීම් සහ ප්‍රතිචාර

මේ hybrid learning environment එක සාර්ථක කරගන්න ගුරුවරුන්ගේ වගේම ශිෂ්‍යයන්ගේ සහයෝගය අවශ්‍ය වෙනවා. නමුත්  ප්‍රධාන වශයෙන්ම ගුරුවරුන්ට පැවරෙන කාර්යය විශාලයි, මොකද ශිෂ්‍යන්ගේ අවධානය රඳවා ගැනීම, නියමිත කාලයන්ට දේශන සැලසුම් කිරීම , පැවරුම් ලබාදීම, ඒවාට ලකුණු ලබාදීමේ විවිධ ක්‍රම අනුගමනය කිරීම, මේ සියල්ලම අතරේ වඩාත්ම පහසු tools, මොනවද වඩාත්ම සාර්ථක කොයි ආකාරයෙන් ඉගැන්වීම කිරීමද වගේ බොහොමයක් දේවල් ගැන අවධානය යොමු කරන්න වෙනවා. මෙන්න මේ හේතු නිසාම ඒවාට විසඳුමක් විධියට Microsoft 365 ඉහතින් සඳහන් කරා වගේ මේ එක් එක් ගැටලුවට ගැලපෙන විසඳුම් විධියට tools රාශියක් ඔබට ලබාදී තිබෙනවා.

මීට පෙර සඳහන් කල පරිදිම ගුරුවරුන් වෙත පැවරෙන වගකීම මෙහිදී විශාලයි. යොදාගන්නා කාලය තුල සිසුන්ට වටහා ගත හැකි ආකාරයට වගේම සුදුසු ප්‍රමාණය ලබාදීමත් වැදගත් වෙනවා.

Universal Design for Learning (UDL) කියන්නේ මේ විදියට ගුරුවරුන්ට අවශ්‍ය වන lesson design approach එකක්. මෙහිදී ඉතාම සාර්ථක විදියට මේ hybrid learning ක්‍රමය පවත්වාගෙන යන ආකාරය ඔවුන්ට අවබෝධ කරගන්න පුළුවන්.

ඉතින් මේ ආකාරයට  Microsoft 365 සමගින් ඔබට ලැබෙන තවත් පහසුකම් බොහොමයක් තිබෙනවා, ඒවා පිලිබඳව සවිස්තරව ඉදිරි ලිපි වලින් ගෙන එන්න බලාපොරත්තු වෙනවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY