Choose Best Tools- Azure DevOps | GitHub | Azure DevTest Labs 1

Choose Best Tools- Azure DevOps | GitHub | Azure DevTest Labs 1

586
0
SHARE

අද වන විට software development process එකට විවිධාකාරයේ tools යොදාගන්නවා. මේ හැම දේකම මුලිකම අරමුණ වෙන්නේ අපේ වැඩ පහසු කරගැනීම එහෙම නැත්නම් ඉහළ තත්තවයකින් යුතුව මෘදුකාංග නිර්මාණය කරගැනීම. ඉතින් මේ විදියට මේ වන විට බොහෝ ආයතන භාවිතා කරන Microsoft  tools බොහොමයක් තිබෙනවා. මේ අතරින් කිහිපයක් ගැන තමයි මේ ලිපියෙන් කතා කරන්න යන්නේ.

DevOps ගැන ඔබ අහලා ඇති. මේ DevOps කියන්නේ ඇත්තටම practices set එකක එකතුවක් කියලා සරලවම කියන්න පුළුවන්, තවත් කියනවා නම් software development process එක පහසු කරගන්න වගේම ගතවන කාලය අඩු කරගන්න, team එකට එකම goal එකකට පහසුවෙන් එකතු වෙලා වැඩ කරන්න පුළුවන් වෙන විදියේ concept එකක්. මෙහිදී organization එකක් විසින් development, maintenance, සහ deployment of software systems කියන කාර්යයන් වලට අදාළව වැදගත් වන processes, automate කරන්න පෙළඹෙනවා. නමුත් මේ විදියට software development lifecycle එකට අදාළ වෙන සියලුම දේවල් automate කලා කියලා අපිට අවශ්‍ය විදියට නැත්නම් බලාපොරොත්තු වෙන විදියට අපේ කාර්යයන් පහසු නොවෙන්නත් පුළුවන්. මෙන්න මේ හේතුව නිසා අපි නිවැරදිව දැනගෙන tools භාවිතා කිරීම වැදගත් වෙනවා.

මේ විදියට DevOps සඳහා මුල් පියවරක් විදියට Microsoft මගින් ලබාදෙන tools, cloud development activities සඳහා technical team එකට යොදාගන්න හැකියාව තිබෙනවා. Microsoft tools මගින් source-code management, continuous integration සහ continuous delivery (CI/CD), වගේම testing environments නිර්මාණය කිරීම automate කිරීම වැනි දේවල් වලට යොදාගන්න පුළුවන්.

Product options (නිෂ්පාදන විකල්ප)

මුලිකවම මේ විදියට ඔබට භාවිතා කරන්න පුළුවන් products වර්ග 3ක් තිබෙනවා. මේවයේ අන්තර්ගත වෙන tools භාවිතා කරන්න අවශ්‍ය වෙන හේතු එකිනෙකට වෙනස්.

Azure DevOps සේවාවන්

  • Azure DevOps සේවාවන් කියන්නේ software development lifecycle එක පුරාවටම අවශ්‍ය වන සේවාවන් රාශියක එකතුවක්.
  • Azure Repos – source-code සියල්ලම review කරන්න පුළුවන් විදියට එකම තැනක තිබෙන repository එකක්.
  • Azure Boards – Kanban boards, reports, වගේ දේවල් අඩංගු agile project management suite එකක්.
  • Azure Pipelines – CI/CD pipeline automation tool
  • Azure Artifacts – compiled source code වගේ දේවල් අඩංගු repository එකක්.
  • Azure Test Plans – CI/CD pipeline එකක යොදාගත හැකි automated test tool

GitHub සහ GitHub Actions

GitHub කියන්නේ මොකක්ද කියලා නම් නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතින් සරලවම කියනවා නම් GitHub කියන්නේ open source softwares වලට තිබෙන code repository එකක්.එතකොට Git කියන්නේ free, open source distributed version control system එකක්. Git මත පදනම්ව තමයි GitHub එක build කරලා තිබෙන්නේ, මොකද මෙහි අඩංගු වෙන repositories වලට මෙන්න මේ පහසුකම් ලබාදෙන්න පුළුවන් වෙන නිසා.

  • GutHub කියන්නේ shared source-code repository එකක්, මෙහිදී developersලට ඔවුන්ගේ code එක main code base එකට ඇතුලත් කරන්න කලින් code එක පිලිබඳ ගැටළු හෝ අදහස් තිබෙනවා නම් comments විදියට ඒවා add කරන්න පුළුවන් වගේම code එක review කරන්න හැකියාව තිබෙනවා.
  • මෙහි Kanban boards අඩංගු වෙන නිසා project management පහසුකම තිබෙනවා.
  • issues වාර්තා කරන්න,ඒවා discuss කරන්න, වගේම ඒ issues වල progress එක track කරන්න හැකියාව තිබෙනවා.
  • ඒ වගේම CI/CD pipeline automation tooling පහසුකම තිබෙනවා.
  • documentations නිර්මාණය සඳහා wiki feature එක ඇතුලත් වෙනවා.
  • ඒ වගේම මෙය cloud හෝ on-premises ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙනවා.

Azure DevTest Labs

Azure DevTest Labs කියන්නේ developersලට වැදගත් වෙන සේවාවක්. මෙහිදී virtual machines (VMs) සහ Platform as a service (PaaS) resources පහසුවෙන්ම manage කරන්න එහෙම නැත්නම් approval එකක් එනකම් බලන් ඉන්නේ නැතුව තමන්ටම මේ VM සහ (PaaS) resources manage කිරීමේ හැකියාව ලබාදෙනවා.

මේ අනුව developersලට සහ Testersලට විවිධ environments වල test කිරීමේ පහසුකම ලැබෙනවා.මෙය ඇත්තටම VMs වලට පමණක් සිමා වෙන්නේ නැහැ. ARM templates ඔස්සේ Azure තුල deploy කරන ඕනෑම දෙයක් මේ විදියට Azure DevTest Labs මගින් manage කිරීමේ පහසුකම තිබෙනවා.

උදාහරණයක් වශයෙන් ඔබට අලුත් feature එකක් operating system එකක පරණ version එකක test කරන්න අවශ්‍ය නම් Azure DevTest Labs මගින් ඒ සඳහා අවශ්‍ය සියල්ල automatically ඔබට සකසා දෙනවා.test එක සම්පුර්ණ වුනාට පස්සේ DevTest Labs මගින් මේ විදියට සකස් කරපු environment එක නැවතත් යථා තත්ත්වයට පත් කරනවා, සරලවම virtual machine එක දැන් භාවිතා කරපු පරණ version එක සහිත operating system එක ඉවත් කරලා අලුත් version එක සහිතව සකසා දෙනවා. මේ ක්‍රියාවලිය මගින් වැය වන මුදල් ප්‍රමාණය අඩු කරගැනීමේ හැකියාව තිබෙනවා, මොකද ඔබ භාවිතා කරන test labs ප්‍රමාණය සහ භාවිතා කරන කාලය කළමනාකරණය කිරීමේ පහසුකම ඔබට ලැබෙන නිසා.

දැන් අපිට DevOps tools සහ services ගැන යම් අවබෝධයක් තිබෙන නිසා තවදුරටත් බලමු මොන වගේ අවස්ථා වල මොන වගේ tools හෝ services ද අපිට භාවිතා කරන්න පුළුවන් කියල.

ඔබට අවශ්‍ය වෙන්නේ test lab environments නිර්මාණය සහ ඒවා කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය automate කරන්න නම්, ස්වයංක්‍රියව සිදු කරන්න නම්, ඒ සඳහා වඩාත්ම සුදුසු වෙන්නේ Azure DevTest Labs.

ඔබ open-source software එකක් නිර්මාණය කරනවා නම් ඇත්තටම ඔබට තෝරාගන්න පුළුවන් options දෙකක් තිබෙනවා, ඒ තමයි  Azure DevOps සහ GitHub. නමුත් GitHub කියන්නේ ඇත්තටම ලොව පුරා බොහෝ දෙනාගේ විස්වාසය රැඳුනු සහ භාවිතා කරන source-code repository එකක් නිසා ඔබට GitHub භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් මේ තෝරාගැනීම මතම සීමා වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද ඔබට  work-item track කිරීමට GitHub repos සමග Azure Boards භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

ඇත්තටම GitHub වල සෑම feature එකකටම තිබෙන්නේ සරල read/write permissions. නමුත් Azure DevOps වලදී මෙය ටිකක් සංකීර්ණ වෙනවා. බොහෝ දුරට Azure DevOps භාවිතා වෙන්නේ enterprise level එකේ නිසා මේ විදියට permissionsඑහෙම නැත්නම් එක් එක් පුද්ගලයන්ට සිදු කල හැකි ක්‍රියාවන් manage කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා වඩාත් වැඩි security එකක් නැත්නම් manageability එකක් තිබෙනවා.

මුලින් සඳහන් කල ආකාරයට් GitHub සතුව project management features, ඒ කියන්නේ work items, issues, සහ Kanban board වගේ දේවල් අඩංගු වුනත් Azure DevOps මගින් ලබාදෙන manageability එක වඩාත් වැඩියි. මෙයට හේතුව වෙන්නේ GitHub හි Issues feature එක issues categorize කරන්න භාවිතා කරන්නේ tags වුනත් Azure DevOps මගින් custom fields add කිරීමේ හැකියාව ලබාදෙනවා. මේ නිසා වඩාත් පහසුවෙන්  issues categorize කිරීමේ පහසුකම ඔබට ලැබෙනවා.

මේ විදියට අපි කතා කරපු  DevOps tools සහ services භාවිතා කල හැකි අවස්ථා ඔබට පහසුවෙන් තීරණය කරන්න හැකියාව තිබෙනවා. ඒ වගේම මේ එක් එක් සේවාව ගැන තවදුරටත් දැනගෙන සිටීම ඔබට ගොඩක් වැදගත් වේවි. ඉතින් මේ පිලිබඳ වැඩි විස්තර මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY