ඔබගේ නවතම Windows lumia 950 දුරකථනය සඳහා ඉහලම ප්‍රමිතියෙන් හා දරාගැනීමේ හැකියාවෙන් යුත් ආරක්ෂක ආවරණ 5ක් මෙ වන විට වෙළඳපළට හඳුන්වා දී ඇත. හඳුන්වා දී ඇති මෙම සියලු ආවරණ වල විශේෂත්වය නම් ඒවා පාරිභෝගිකයාගේ උසස් ම පහසුව සඳහා නිමවා තිබීමයි.
1). Arae Flip Folio leather wallet case ($11.02)
ඔබ සොයන්නේ මුදල්, credit card වැනි දේ ද දමා යා හැකි ආවරණයක් නම් මෙ සඳහා වැය වන්නෙ ක් තරම් මුදලකි. එල්ලාගෙන යා හැකි අයුරින් නිමවා ඇති මෙය leather ආවරණයකි.
2). DGtle Anti-Scratch Bumper Case ($7.99)
ඔබ සොයන්නේ සිහින්, සැහැල්ලු ආරක්ෂිත ආවරණයක් නම් ඒ සඳහා ඔබට රබර් වලින් නිමවා ඇති DGtle Anti-Scratch Bumper ආවරණය $7.99කට මිල දී ගත හැක.
03). OMOTON Hybrid Bumper Case ($5.99)
$5.99 වන මෙම විශේෂිත ආරක්ෂිත ආවරණය විනිවිද පෙනෙන අයුරින් සදා ඇති රබර් ආවරණයකි. වැටීම් හා සීරිම් වලින් ඔබගේ Windows lumia 950 දුරකථනය ආරක්ෂා කර දීමට මෙම ආවරණයට හැක.
04). OEAGO Tough Rugged Dual Layer Protective Case ($7.88)
මෙම විශේෂිත ආරක්ෂක ආවරණය රළු භාවිතයන් සඳහා ම නිමවා ඇති ආවරණයක් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. මෙහි අනෙක් වාසිය නම් දුරකථනය රඳවා තැබීම ආධාරකයක් කවරයේ පිටුපස පිහිටා තිබීමයි. මෙය $7.88 ක් ගෙවා මිල දී ගත හැක.
05). COVRWARE Armor Defender ($7.99)
COVRWARE Armor Defender ලෙස හඳුන්වන මෙම ආරක්ෂිත ආවරණයේ විශේෂත්වය ඇති රබර් grip එකයි. මෙය අතින් ලිස්සා යාම අවම කරන සේ නිමවා ඇති අතර දුරකථනයේ තිරයේ ආරක්ෂාවද 100%ක් සලසයි. $7.99 ලෙස මිල කර ඇත.