Microsoft සමාගම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංගමය පසුගියදා අත්සන් කළ ගිවිසුමට අනුව, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා Machine Learning භාවිතා කරන පළමු රට ලෙසට ඕස්ට්‍රේලියාව ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී පියවරක් තබනවා.
Machine Learning සහ පුරෝකථ-විශ්ලේෂණය (Predictive Analysis) මගින් තරඟකාරී වාසියක්
මෙමගින් ඔවුන්ට පැහැදිලි තරඟකාරී වාසියක් ලැබෙන අතරම ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්වය මනිමින්, තරඟ අතරතුර ක්‍රීඩකයින් අබාධ වලට ලක්වීමේ සම්භාවිතාවය ද අවම කළ හැක. ඕස්ට්‍රේලියානු පිළට මෙහිදී ක්‍රීඩකයන්ගේ ශාරීරික තත්වය, ලකුණු තත්වය, කාර්යක්ෂමතාව මෙන්ම ඕනෑම තරඟයක පන්දුවෙන් පන්දුව සවිස්තර වාර්තා අවසාන මිනිත්තුවට නිවැරදිව ලබාගෙන සැනෙකින් එම දත්ත විශ්ලේෂණය කර නිවැරදි තීරණ වලට එළඹීමේ හැකියාවක් ලැබේ.

Microsoft Azure සහ Cortana Analytics Suite මත පදනම් වූ මෙම සේවාව සඳහා ML, Predictive Analysis සහ උසස් මට්ටමේ දෘශ්‍ය සංදර්ශන භාවිතා කර තිබෙනවා. ඒ මගින් එක් එක් ක්‍රීඩකයින් සහ කණ්ඩායම පිළිබඳ ඇති දත්ත සියල්ල රැස් කර තබාගනිමින්, බුද්ධිමය නිගමන සහ වාර්තා ලබාදෙනු ඇත. පුහුණුකරුවන් හට එම ප්‍රතිඑල ලබාගැනීම සඳහා Microsoft Surface tablets ලබාදී, Microsoft Azure සහ Power BI සමග එම පද්ධතිය ඒකාබද්ධ කර සවිස්තරාත්මක දෘශ්‍ය වාර්තා නිපදවෙන සේ සකස් කර ඇත.
ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ML යොදා ගත හැකි තවත් ආකාර පිලිබඳ දැනගන්න;
Improving the D/L Method using ML
Microsoft’s new platform to allow devs improve cricket score prediction