Xbox Design Lab කියන්නේ Microsoft ආයතනය මගින් ලබාදෙන අපුරු දෙයක්. මේ මගින් ඔවුන්ගේ පාරිබෝගිකයන්ට අවස්ථාව ලබාදෙනව තමන් කැමති ආකාරයට Xbox One හි පාලකයෙහි (Controller) මෝස්තරය නිර්මාණය කරගන්න. මේ මගින් පාරිබෝගිකයන්ට පුළුවන් තමන්ටම ආවේනික මෝස්තරයකට එය නිමවා ගෙදරටම ගෙන්වාගන්න. මෙම පාලක වල තියෙන තවත් විශේෂතත්වයක් තමයි කලින් පාලක වලට වඩා වැඩිදියුණු කරන ලැබූ පාලකයක්(Controller) ලෙස වෙළද පොලට නිකුත්කර තිබීම.
Xbox Design Lab ලබාදෙන මෙම වෙබ්අඩවිය මගින් තමන්ට අවශ්‍ය පාලකයේ මෝස්තරය නිර්මාණය කරගන්න පුළුවන්. මෙම පාලකය පහසුවෙන් නිර්මාණය කරගත හැකිවන ලෙස මෙම වෙබ්අඩවිය නිර්මාණය කර තියෙනවා.
Microsoft ආයතනය පවසන ආකාරයට මේවන විටත් ඉතා විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබී තියෙන අතර ඇණවුම් වලට අදාලව නිකුත් කල නිෂ්පාදන වලට ඉතා හොද ප්‍රතිචාර ලැබී තියෙනවා. මේ Xbox Design Lab එකට අදාලව Xbox නිකුත් කල වීඩියෝව පහතින් බලන්න
source: https://xboxdesignlab.xbox.com/
[…] […]